මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන් සඳහා නිල අඳුම් වවුචර බෙදා දීම ලබන සතියේ සිට

    නොවැම්බර් 05, 2016
    ලබන වසරේ පාසල් දරුවන් සඳහා ලබා දෙන නිල අඳුම් වවුචර පාසල් මට්ටමින් බෙදා හැරීම ලබන සතියේ සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය .
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදීය.
     
    මෙහිදී පන්ති කාමරවල සිටින සිසුන් ප්‍රමාණයන් පිළිබඳවද  අදහස් දැක්වු අමාත්‍යවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීම වෙනුවෙන් පන්ති කාමරවල සිටින දරුවන් ප්‍රමාණයන් 35 හෝ 40 මට්ටමට රැගෙන ඒමට කටයුතු කිරීම තම අරමුණ බවද පැවසීය.
     
    ඒ වෙනුවෙන් පාසල්වල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා  ළඟම පාසල හොඳම පාසල නමින් විශේෂ වැඩ සටහනක් දියත් කර ඇති බවද පැවසු අමාත්‍යවරයා සෑම දරුවකුටම තම නිවසට ආසන්නයේම පිහිටි පාසල හෙඳම පාසල බවට පත් කර දීමට පියවර ගන්නා බවද පැවසීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya