මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින් පිළිබඳ සංගණනයක්

    නොවැම්බර් 06, 2016
    ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින් පිළිබඳ  සංගණනය 2016 නොවැම්බර් 17දා දිවයින පුරා පැවැත්වේ. වසර හතරකට වරක් පැවැත්වෙන මෙම සංගණනය මෙවර පවත්වනු ලබන්නේ එකොලොස් වන වරටය.
     
    තොරතුරු රැස් කිරීමේ කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා මෙම සංගණනය සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 17 දා පෙ.ව. 9:30ත් පෙ.ව.11:30ත් දක්වා කාලය තුළ සිදු කරන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
     
    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින් පිළිබඳ  සංගණනයේ සියලු තොරතුරු ඇතුලත් වෙබ් පිටුවක් එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.statistics.gov.lk  හි ඇතුලත් කොට ඇත. එහි සංගණනය සඳහා භාවිතා කරන ලේඛනවල (ප්‍රශ්නාවලි, උපදෙස්, කේත ලැයිස්තු ආදී) පිටපත් සහ සංගණන ප්‍රශ්නාවලියේ සියලු ම ප්‍රශ්න පිරවීම  සඳහා  උපදෙස්, ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යවලින්, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ඇතුලත් කොට ඇති බව දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දෙයි. 
     
    සංගණනය පිළිබඳ ව එහි ඇතුලත් කොට ඇති අදාළ තොරතුරු සංගණන දිනට පෙර පරිශීලනය කොට සංගණන ප්‍රශ්ණාවලිය නිවැරදිව සම්පූර්ණ කොට මෙම සංගණනය සාර්ථක කර ගැනීමට සහය වන ලෙස ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සියලු ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින්ගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya