අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන අවස්ථා සොයාබැලීමට තුර්කි කර්මාන්ත සංසදයේ සභාපතිනිය ශ්‍රී ලංකාවට

    නොවැම්බර් 05, 2016
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආරාධනයෙන් තුර්කියේ කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනි NEZAKET EMINE ATASOY මහත්මිය ප්‍රමුඛ දුත කණ්ඩායමක් ලබන සදුදා [ 07] ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .
    ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබද සොයාබැලීම සදහා ,මෙරටට පැමිණෙන මෙම දුත කණ්ඩායම දින 05 මෙරට රැදී සිටීමට නියමිතය . එම කාලය තුල ධීවර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා සිදුකල යුතු මෙන්ම සුදුකල හැකි ආයෝජන අවස්ථා පිළිබද සොයාබැලීමට නියමිතය .
     
    ඊට අමතරව සංචාරක , ප්‍රවාහන , අධ්‍යාපන , කෘෂිකර්ම හා ඇගළුම් කර්මාන්තයේ ආයෝජන අවස්ථා පිළිබදවත් තුර්කියේ කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනිය විසින් සොයාබැලීමට නියමිතය .
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් හදුන්වා දුන් “නිල් ආර්ථික” වැඩ පිළිවෙලට තුර්කි ආයෝජකයන්ගේ වැඩි කැමැත්තක් මේවන විටත් ලැබී ඇත .
     
    ඒ අනුව බහු කාර්ය ධීවර වරාය ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ධීවර වරායන් ආශ්‍රිතව සංචාරක , ධීවර මෙන්ම මෙහෙයුම් ක්‍රියාවලිය මගින් ආර්ථික උත්පාදනය යන වැඩ පිළිවෙලට තුර්කි ආයෝජකයින්ගේ අවධානය දිනා ගැනීමට හැකි වනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විශ්වාසය පල කළේය .
     
    ඒ අනුව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හා එම දුත කණ්ඩායම අතර විශේෂ හමුවක් ලබන 08 වැනි දින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය .
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya