අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම ‍බෙංගාල බොක්ක පහළ වායුගෝල‍යේ පීඩන අවපාතයේ දිවයිනට සෘඡු බලපෑමක් ‍නෑ

    නොවැම්බර් 04, 2016

    දිවයිනට ඊසාන ‍‍‍දෙසින් කි.මී. 800 ක් පමණ දුරින් මධ්‍යම ‍බෙංගාල බොක්ක ප්‍ර‍‍දේශ‍‍‍යේ පහළ වායුගෝල‍යේ පවතින පීඩන අවපාතයක තවදුරටත් වර්ධනය වෙමින් ඇති අතර මෙමගින් දිවයිනට සෘඡු බලපෑමක් ‍නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ මේ බව සඳහන් වෙයි.

    කෙසේ වුවද තවදුරටත්  අහස වළාකුලින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  බලාපොරොත්තු වේ. නොවැම්බර් 07 වන දින දක්වා සමහර ස්ථානවලට (විශේෂයෙන් දකුණු, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට) තද වැසි, (100ම්ම් ට වැඩි) බලාපොරොත්තු විය හැක.

    සෙසු ප්‍රදේශවල, විශේෂයෙන්  සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල  සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya