අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුර්ණ බලැති කසල කළමණාකරණ අධිකාරියක් රටට අවශ්‍යයි. - අමාත්‍ය පාඨලී චම්පික රණවක

    නොවැම්බර් 04, 2016
    කොළඹ නගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය, නගර සභා, මහා නගර සභා සදහා රුපියල් මිලියන 262 ක වියදමින් උපයෝගිතා වාහන 34 ක් ප‍්‍රදානය කිරිම මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ නගර සභාව ඉදිරිපිටදී සිදු කෙරිණි. 
    එහිදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා,  ගංවතුර ප‍්‍රශ්නය, හා කසල කළමණාකරනය ඒ පිළිබදව වැදගත් පියවරයන් රැසක් පසුගියදා ගනු ලැබුවා. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය වෙන් කරලා දෙන්නේ නැති කසල මහා නගර සභා ප‍්‍රදේශවල බාර නොගැනීමට තිරණය කරලා තියෙනවා. මෙය ඉතා හොද පියවරක්. අපේ අමාත්‍යාංශය ගංවතුර පාලනය, කැලිකසල පාලනය කිරිම සදහා වගකීමක් නෑ, නමුත් අපිට කැබිනට්  මණ්ඩලයෙන් වරමක් ලබා දුන්නා මේ ගැටළුව සදහා විධිමත් වැඩ පිළිවෙළක් හදන්න. පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මහානගර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි ලේකම්වරු හා පළාත් සභාවන්වල ලේකම්වරු එක්වි වැඩසටහනක් සැලසුම් කළා.  මේ රටේ කැලිකලස සඳහා වගකිම දරන්නේ පළාත් පාලන ආයතන. කොළඹ නගරයේ කැලිකසල කළමනාකරණය කරන්න ඹ්නේ කොළඹ නගර සභාව. ඒත් අදාල ප‍්‍රදේශයේ කැලිකසල කළමනාකරණය කරන්න මුලික බලය තියෙන්නේ අදාල පාළාත් පාලන ආයතනයට.
     
    විශේෂයෙන් දිනකට කොළඹ නගර සභා බල ප‍්‍රදේශය තුළ ටොන් 800 ක් කසල එකතු වෙනවා. ඉන් තුනෙන් දෙකක්  කුණු කොළඔට ගෙන්නේ පිටින් කොළඹට එන අය. මෙම කසල ප‍්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා. තමාගේ ප‍්‍රදේශයට කුණු ගෙනැවිත් දාන එකට විරුද්ධව, උද්ඝෝෂණය කරනවා නමි, පරිසරය ආරක්‍ෂා කර ගන්න හදනවා නම් එක හොදයි.  දැන්වත් ප‍්‍රදේශිය සභා හා නගර සභා කඹ ඇදිලි නවත්තලා, පුර්ණ බලැති කසල කළමණාකරණ අධිකාරියක් අවශ්‍යයි. නැත්නම්  මේ පුංචි පුංචි කෙනහිලිකම් වලට රටේ ජල සමිපතට, මානව සමිපතට වන්දි ගෙවන්න දෙන්න බෑ.  මේ සදහා පුර්ණ බලැති අධිකාරියක් වගේම පළාත් පාලන අයතන වලට ශ‍්‍රම බලය, උපකරණ බලය වගේම ප‍්‍රතිපාදන අවශ්‍යයි. කසල නිර්මාණය කරන්නේ කවුද ඒ නිරිමාණය කරන අයම එම වියදම දැරිය යුතුයි. ඒ වගේම ඉදි වන බස්නාහිර මහා නගරයේ කැලිකසල අපි කිසිදු පළාත් පාලන ආයතනයකට දෙන්නේ නැ. විශේෂයෙන් වරාය නාගරයේ, හෝමාගම තාක්‍ෂණික නගරයේ, වැව වටේට ඉදිවන වාණිජ නගරයේ, බත්තරමුල්ල පරිපාලන නගරයේ, කුණු කාටවත් දෙන්නේ නෑ. අපි ඒ ස්ථානවලම කුණු ප‍්‍රතිචක‍්‍රියකරණවා. අනාගතයේ ඉදිවන නිවාස සංකිර්ණයන්හි කසල, ජලය පාලනය විධිමත් ලෙස සකසන ක‍්‍රමවේදයක් හදනවා. අපි අනිකුත් ආයතන එක මධ්‍යගත අයතනයක් වටා ඒකරාශි කොට මේ ගැටළුව විසදා ගත යුතුයි. අනෙකුත් ඉංජිනේරුමය සහය ලබා දිමට අපේ අමාත්‍යාංශය සුදානම්.
     
     
    මේ සඳහා  ලැබුන උපකරණ මනාව නඩත්තු කර කළ යුතුයි.  ඒවා විදේශ ණය වලින් ලැබුණු සමිපත්. ම උපකරණ කරුණාකර අදාල කාරණාවලට පමනක් යොදගෙන කාර්්‍යක්‍ෂමව පරිහරණය කරන්න. ජනතාව සතු විශ්වාසය නැතිකරන්න කටයුතු නොකරන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.
     
     AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya