මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තයේ සංවර්ධනයට තුර්කියේ සහාය

    නොවැම්බර් 03, 2016
    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් සමීපව කටයුතු කිරීමට සුදානම් බව තුර්කි තානාපති TUNCA OZQUHADAR මහතා පැවසීය.
    තානාපතිවරයා මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  හමුවූ අවස්ථාවේදීය . 
     
    රාජ්‍ය අමාත්‍යවරයා හා තුර්කි තානාපති TUNCA OZQUHADAR මහතා අතර  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදු විය . 
     
    ලබන 07 වැනි දින මෙරටට පැමිණෙන තුර්කියේ කර්මාන්ත ව්‍යාපාරික සංසදයේ සභාපති හා ප්‍රධාන විධායක NEZAKET EMINF ATASOY මහත්මිය ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමේ නිළ සංචාරය පිළිබද සාකච්ජා කිරීම වෙනුවෙන් මෙම හමුව සිදු විය .එහිදී  යෝජිත “නිල් ආර්ථික” වැඩ පිළිවෙල පිළිබදව මෙන්ම ධීවර නිවාස ගම්මාන , බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිම , ධීවර කර්මාන්තය ආශ්‍රීත සංචාරක ව්‍යාපාරය ඇතුළු යෝජිත සැලසුම් පිලිබදව තුර්කි තානාපතිවරයා දැනුවත් කළේය .
     
    ධීවර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙරට ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය සහය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවය . දෙරට අතර සුහදතාවය වර්දනය කරගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් එම සබදතා මත ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා  මෙහිදී පැවසීය.
     
    ඇති කරගත් සුහදතාව තව තවත් වැඩිදියුණු කරගැනීම මගින් තම රටේ පුර්ණ සහය මෙරට ධීවර කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් ලබා ගත හැකි බවත් , අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට තම රට සුදානම් බවත් තුර්කි තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය . තවදුරටත් අදහස් දැක්වු තානාපතිවරයා  රටේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය සදහා යොමු කිරිමට අවශ්‍ය කටයුතු කල හැකි බව පැවසීය .
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya