අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩරට දුම්රිය මාර්ගය වෙනුවට විකල්ප ක්‍රම භාවිත කරන්න - දුම්රිය දෙපාර්තමේන්තුව

    නොවැම්බර් 02, 2016
    උඩරට දුම්රිය මාර්ගයයේ ඇති වී ඇති හදිසි තත්ත්වයක් හේතුවෙන් දුම්රිය ගමන් සීමා කිරීමට සිදු ව ඇති බවත් ඒ වෙනුවට විකල්ප ක්‍රම භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය මගීන්ගෙන් ඉල්ලා සිටී.
     
    උඩරට දුම්රිය මාර්ගයේ අද (02) උදෑසන ඉහළ කෝට්ටේ සහ බලන දුම්රිය ස්ථානයන් අතර මාර්ගය ගිලා බැසීමක් සිදු ව ඇත. මේ හේතුවෙන් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන දුම්රියයන් රඹුක්කනට ද, බදුල්ලේ සිට පැමිණෙන දුම්රියයන් කඩුගන්නාවට ද සීමා කොට ඇතැයි දුම්රිය සමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා අප වෙත පැවසීය.
     
    එමෙන් ම උඩරට දුම්රිය මාර්ගයෙන් සිදු ව ඇති මෙම තත්ත්වය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවට මගහැරීම සඳහා රඹුක්කන  සහ කඩුගන්නාව දුම්රිය මාර්ගයන් වෙත බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කෙරේ.
     
    උඩරට දුම්රිය මාර්ගයේ සිදු ව ඇති ගිලාබැසීම සම්බන්ධයෙන් භූ විද්‍යා පර්යේෂණ අංශ හා සම්බන්ධව නිසි පරිදි යළි සකස් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ දුම්රිය ගමන් යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් දුම්රිය සාමාන්‍යාධීකාරී අබේරත්න මහතා ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් සඳහන් කිරීමට අපහසු යැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya