මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර නිවාස ගම්මාන ඉදිකිරීමේ වැඩ ස‍ටහන නොවැම්බර් මස ඇරඹේ

    නොවැම්බර් 01, 2016
     
    කොරියාවේ ආධාර මත මෙරට ඉදිකිරීමට නියමිත ධීවර නිවාස ගම්මානයේ නිවාස ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම මේ මස 23 දීන සිදු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    මෙම ධීවර නිවාස ගම්මාන පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සදහා කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපති KIM IM KWEON මහතා ඇතුළු එරට සාගර හා ධීවර අමාත්‍යංශයේ ඉහල පෙලේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.
     
    යෝජිත පළමු ධීවර නිවාස ගම්මානය ඉදිකිරීමට නියමිත බටඅත ප්‍රදේශයේ ඉඩම නිරීක්ෂණය කර එම ඉඩම එළි පෙහෙලි කිරීමේ අවස්ථාවට එක් වෙමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේය .
     
    දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ සිදුකල සංචාරයේදී මෙම නිවාස ගම්මාන පිහිටුවීම සදහා පුර්ණ ලෙස ආධාර සැපයීමට කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනය ඉදිරිපත් විය .ඒ මෙරට ධීවර ප්‍රජාව නගා සිටුවීමට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සැලසුම් කර ඇති වැඩ පිළිවෙල පිළිබද පැහැදීමෙනි.මෙම නිවාස ඉදිකිරිම සදහා බටඅත සපලගම ප්‍රදේශයෙන් අක්කර 06 ක් විශාල භූමියක් ලැබී ඇත .
     
    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ලංකා ධීවර සංස්ථාව මුහුණපා සිටින මුල්‍ය අර්බුදය හා ඉන් සංස්ථාව මුදාගෙන පවත්වාගෙන යාමේ වගකීම භාර ගැනීමට තමන් සුදානම් බව අවධාරණය කළේය . 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya