අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ගීකරණය කළ කසළ එකතු කිරීම අද සිට

    නොවැම්බර් 01, 2016
    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාගේ සංකල්පයක් අනූව අද (01) සිට දිරන සහ නොදිරන වශයෙන් වෙන් කළ කසළ පමණක් එකතු කිරීමට සියලු ම මහ නගර සභා තීරණය කර තිබෙන අතඑ මෙම වැඩසටහනේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී සිදු කෙරේ.
     
    එම වැඩසටහන අද පස්වරුවේ නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීත් පැවැත්වේ.
     
    මෙම වැඩසටහන අනුව, සියලු ම මහ නගර සභා අද සිට දිරන සහ නොදිරන ලෙස වෙන් කළ කසළ පමණක් එකතු කරන අතර, එසේ වෙන් නොකරන කසළ එකතු නොකිරීමට තීරණය කර තිබේ. ඇතැම් මහ නගර සභා මේ වනවිටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
     
    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබාගෙන, නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුළ ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෑම මසකට වරක් වැඩසටහන පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් කිරීමට ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
     
    අදින් පසුව කසළ අවිධිමත් ලෙස බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව, නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දී ඇති අතර, එය නිරීක්ෂණය කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනේ. කසල අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ තොරතුරු 119 අංකය මඟින් පොලිසියට සහ 0112 587 124, 0112 59  111 අංක මඟින් පොලිස් පරිසර කොට්ඨාසයට ලබාදෙන ලෙස ද පොලිසිය ඉල්ලා සිටී. 
     
    වර්ගීකරණය කළ කසළ පමණක් එකතුකිරීමේ වැඩසටහන මඟින්, නගරවල එකතු වන කසළ ප්‍රමාණය 50 % – 60 % ක් පමණ අඩු කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය අපේක්ෂා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya