අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලැස්ම එළි දැක්වීමට සූදානම්- අධ්‍යාපන ඇමැති

    ඔක්තෝබර් 31, 2016

    යුගයට ගැළපෙන නව වෙනස්කම් රැසක් සමඟින් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.‍ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන, විෂයමාලා සංශෝධන, නවීන තාක්ෂණයට අනුකූලව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකෙරෙන Smart Class Room වැනි වැඩසටහන් පිළිබඳ සඳහන් කළේය.

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ මීට අමතරව මෙරට පවතින ගුරු පුරප්පාඩු සියල්ල ඉදිරි වසර 03ක් හෝ 4ක් ඇතුළත වහාම පිරවීමට පියවර ගන්නා බවයි.

    නව යුගයට ගැළපෙන පරිදි 2017 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරණ සියලු සිසුන් සඳහා නියමු ව්‍යාපෘතියක් යටතේ ටැබ් පරිගණක ලබාදීමට ද පියවර ගන්නා බව ප්‍ර‍කාශ කළ අමාත්‍යවරයා පාසල්වල පවත්නා භෞතික සම්පත් සංවර්ධනය කිරීම මෙන්ම මානව සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් ද වත්මන් රජය පුළුල් අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දුන්නේය.

    අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස ‍හේවාවිතාන මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya