අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘‘නිල මෙහෙවර“ ජනපති ජනතා සේවය දෙවැනි අදියර ඇරඹේ

    ඔක්තෝබර් 31, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ස්වදේශ  කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ‘‘නිල මෙහෙවර“ ජනපති ජනතා සේවය දෙවැනි අදියර 30 වන දා ගාල්ල, නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ආරම්භ විය.

    රජයේ සියලු සේවාවන් ගමේ දී ජනතාව වෙත ලබා දීමේ පුළුල් සංකල්පයට අනුව මෙය ක්‍රියාත්මකය. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ ගාල්ල දස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය ජංගම සේවා 21ක් ලෙස පැවැත්වෙන බවයි.

    මෙහි දී දීර්ඝ කාලයක් මුළුල්ලේ නොවිසඳුණු ජනතා ගැටලු කඩිනමින් නිරාකරණය කර දීම රජයේ අපේක්ෂාවයි. දැනටමත් ගාල්ල දිස්ත්‍රික්කය පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ජනතා ප්‍රශ්න 250,000ට අධික ප්‍රමාණයක් එක්වී ඇති බවත් එම ගැටළු විසඳීමට මූළික සැළැස්මක් සකස් කර ඇති බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා  කීවේය.

    රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් ගෙන් ගෙට යමින් අත් පත්‍රිකා බෙදා දී ‘‘නිල මෙහෙවර“ පිළිබඳ දැනුම්වත් කර ඇති බවත් ඔවුන් විසින් ම ජනතා ගැටළු ඒකරාශී කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    නිල මෙහෙවර ජනපති ජනතා සේවය නිලධාරීන් විසින් ජනතාවට සිදුවිය යුතු සේවා ලබා දෙනු ලබන විශේෂ ව්‍යාපෘතියක් වන අතර එය කිසිදු දේශපාලනික අරමුණකින් තොරව ක්‍රියාත්මක වන්නක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන  මහතා පවසයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya