මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චොලේ තෙවන අදියරයත් හෙට සිට සක්‍රිය වෙයි

    ඔක්තෝබර් 30, 2016

    නොරොච්චොලේ තුන්වන අදියරත් හෙට (31) සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක් ලැබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ලංකා විදුලිබල මණ්ඩලයේ කණිෂ්ඨ සේවකයාගේ සිට සාමාන්‍යාධිකාරීවරයා දක්වා කරනු ලබන දැවැන්ත කැපකිරීම නිසා අද 100%ක් රට විදුලියෙන් සවිමත් කිරීමේ හැකියාව අපට ලැබී තිබෙන බව අම්පාර දිස්ත්‍රික්කයේ ජාතික විදුලි ජංගම සේවයට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

    සම්මුතිවාදී දේශපාලනය තුළින් අද දවසේ රට සංවර්ධනය කරා යන ගමනේ විශාල දායකත්වයක් විදුලිබල ක්ෂේත්‍ර‍ය තුළින් ලැබී තිබෙන බවත් විදුලිය අද අත්‍යවශ්‍යම යටිතල පහසුකමක් බවට පත්ව තිබෙන අතර විදුලිය නොමැතිව මෙහොතක්වත් සිටීමට පාරිභෝගිකයන් කැමැත්ත දක්වන්නේ නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එක් ක්‍රියාදාමයක් ලෙස එකතු වෙමින් රටට 100%ක් විදුලිය ලබා දෙන බව සඳහන් කළ අමාත්‍යවරයා මෙන්ම ඉන් අනතුරුව මතු වන ගැටලු සඳහා විසඳුම් සෙවීමට ජාතික විදුලි ජංගම සේවය ක්‍රියාවට නංවන බව ද පැවසීය.

     ඒ තුළින් නොවිසඳුන විදුලි ගැටලු කඩිනමින් විසඳීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya