අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝප් වාර්තාව යටගහන්නේ නැහැ - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

    ඔක්තෝබර් 30, 2016

    යහපාලන ආණ්ඩුව කිසිම වාර්තාවක් යටගහන්නේ නැති බවත් පසුගියදා ඉදිරිපත් කළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්න අදාළ නීති අංශවලට යොමු කරන බවත්  ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මූල්‍ය බලය හා වගකීම රැකීමට කටයුතු කරන බව මහනුවර කටුගස්තොට පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පසුගියදා සඳහන් කළේය.

    රුපියල් කෝටි 45,000ක වංචාව ගැන එදා විජයදාස රාජපක්ෂ කෝප් කමිටුවේ සභාපති කාලේ පෙන්නුවාග වංචා පෙන්නුවාම එදා සිදුවුනේ එල්ල වුන බලපෑම් හමුවේ කෝප් සභාපතිකමෙන් අස්වන්නයි. එදා සියල්ල යට ගැහුවා.

    යහපාලන ආණ්ඩුව යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද නියෝජනය වන පරිද කෝප් කමිටුව පත් කර තිබෙන අතර  විපක්ෂයේ මන්ත‍්‍රී සුනිල් හඳුන්හෙත්ති මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කර සම්පූර්ණ විනිවිදභාවයෙන් හා නිදහසේ කටයුතු කරගෙන යාම සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සෑම දිනම මෙම ආදර්ශය දුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේ කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත් කළේ ද විපක්ෂ මන්ත‍්‍රී ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා බව ද සඳහන් කළේය.

    සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට අගමැතිවරයා කටයුතු කළ අතර පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ශක්තිමත් කිරීමට ද පියවර ගත් බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya