අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයතනවල කාර්යය නිසි පරිදි ඉටු නොකළොත් පැමිණිලි කරන්න- විදුලිබල ඇමැති

    ඔක්තෝබර් 30, 2016

    මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල අමාත්‍යාංශය යටතේ ඇති ආයතන අතර මනා සහයෝගයක් තිබිය යුතු බවත් එම ආයතනවල කාර්යය නිසි පරිදි ඉටු නොකළොත් පැමිණිලි කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    "මම මෑතකදි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව, ඉදිරියේදී පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරලා අනුමැතිය ලබාගන්නවා. මේ කැබිනට් පත‍්‍රිකාව තුළින්  අපි අපිටම පාලනයක් හදාගන්නවා. අපි මේ තුළින් ජනතාවට කියනවා අපි අපේ කාර්යය නිසි පරිදි ඉටු නොකළොත්, පැමිණිළි කරන්න. පැමිණිල්ලෙන් එහාට ගිහිල්ලා අපිට දඩුවම් කරන්න කියලා. ජනතාව මේ අවස්ථවේදි මෙය බලාපොරොත්තු වෙන දෙයක්. ඔවුන්ට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම සේවයක්. අපිට මේක අභියෝගයක්. නමුත් එය  බාරගන්න අපි සූදානම්. හැබැයි මේ අභියෝගය බාරගන්න නම්, ජයග‍්‍රහණය කරන්න නම්, මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම යන මේ ආයතන අතර මනා සහයෝගයක් අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිය යුතුයි. නැත්නම් හැමදාමත් වන්දි ගෙවගෙවා ඉන්න සිද්ධ වේවි" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විදුලිබල කර්මාන්තය සඳහා නව රෙගුලාසි  ක‍්‍රියාවට නැංවීම පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම මගින් සංවිධානය කරන ලද වැඩමුළුවට සහභාගී වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා,

    "විදුලිබල සැපයුම ගැන අපි දැන් ආඩම්බරයෙන් කතා කරනවා. මේ වනවිට සමස්ත දිවයිනේ විදුලියනය 100%ක් බවට සාක්ශාත් කරමින් සිටිනවා. මේ යටතේ මේ මස 30දා අම්පාර දිස්ත‍්‍රික්කයේ අවසන් නිවසටත් විදුලිය සැපයීම සංඛේතවත් කරමින් ආදිවාසි නිවසකට විදුලිය ලබාදෙනවා. මේ වසර අවසන් වනවිට අනෙක් දිස්ත‍්‍රික්ක වලත් 100% ක් විදුලිය සපයාදී නිමා කරගන්න පුළුවන්. ඊළඟ අභියෝගය තමයි විදුලිබල නිෂ්පාදනය.තවත්  නව විදුලිබලාගාර 08 ක් ස්ථාපිත කිරීම ගැන අපි සලකා බලනවා. වැදගත්ම කොටස විදුලිබල සංරක්ෂණය සහ කාර්යක්ෂම විදුලි සැපයුමක් ලබාදීම. වසර 2000 විතර නිවසකට විදුලි සැපයුම ලබාදෙනවිට මුළු ගමම මගුල් ගෙයක් වගේ. ඒ කාලේ පාරිභෝගික අවශ්‍යතාව වුණේ කොහොමහරි විදුලිය ගන්න එකයි. නමුත් දැන් විදුලිය ඉල්ලන්නේ අතේ ඇගිලි ගානට ප‍්‍රමාණයක්. දැන් තිබෙන්නේ වෙනත් ප‍්‍රශ්න. අඩු වෝල්ටීයතාවය, විදුලිය බිඳවැටීම්, වැඩි වෝල්ටීයතාව නිසා භාණ්ඩ විනාශවීම් ආදියයි. පවුලක වුණත් ළදරුවො ඉල්ලන දේ නෙමෙයි තරුණ වයසේ අය ඉල්ලන්නේ. අපි මෙය තේරුම්ගත යුතුයි. මෙය විශාල අභියෝගයක්" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya