අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි මරණයට බලපාන ප්‍රධාන රෝගයක් ආඝාතනය - විශේෂඥ වෛද්‍ය උදය රණවක

    ඔක්තෝබර් 29, 2016

    හදිසි මරණයක් ඇතිවන්නට බලපාන ප්‍රධාන රෝගයක් ලෙස ආඝාතනය ලෝකයේ ඉහළ තැනකට පැමිණ තිබෙන බවත් රට තුළද ආඝාතය රෝගයේ වැඩිවීමක් දක්නට තිබෙන බවත් ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය උදය රණවක මහතා පවසයි.

    ලෝක ආඝාත දිනය වෙනුවෙන් පැවැත්වූ විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගීවෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ය. කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පසුගියදා  මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

    ලෝක ජනගහනයෙන් පුද්ගලයින් හයදෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය ඇතිවිය හැකියි.සෑම තත්ත්පර දෙකකට වරක් පුද්ගලයන් දෙදෙනෙකු ආඝාතනයට ගොඳුරු වෙනවා.

    මරණය සිදුවන ප්‍රධාන රෝග අතරින් දෙවැනි තැන හිමිව තිබෙන්නේ, ආඝාතයටයි.ආඝාතය ඇතිවන්නේ මොළයේ ලේ සැපයීමේ සිදුවන කිසියම් අවහිර වීමක් නිසයි.හදිසි මරණයක් ඇතිවන්නට බලපාන ප්‍රධාන රෝගයක් ලෙස ආඝාතනය  ලෝකයේ ඉහළ තැනකට පැමිණ තිබෙනවා.

    විශාල ප්‍රමාණයක් හෘදයාබාධ නිසා මිය යන්නේ නෑ.ආඝාතනයක් ඇති වූ විට එම රෝගියාගේ පවුලටම බලපානවා.ආඝාතය නිසා කෙනෙකු අංශභාග තත්ත්වයට පත්වීමට හැකියාව වැඩියි.

    ආඝාතය ඇතිවීමට ප්‍රධාන වන්නේ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, සහ කොලෙස්ට්‍රරෝල් තත්ත්වයයි. ආඝාතයෙන් මිදීමට නම්, නිරෝගිමත් ආහාර වේලක් ගැනීම, ක්‍රියාකාරී දිවි පැවැත්මක්,බර අඩුකරගැනීම සහ දුම් පානයෙන් වැළකී සිටීම සිදු කළ යුතුයි.

    රටේ ආඝාතය ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා.ජනගහනයට සාපේක්ෂව සියයට 1%ක් ආඝාත තත්ත්වයට පත්ව සිටිනවා.අංශභාගය ආඝාතයේ එක් රෝග ලක්ෂණයක් පමණයි.

    රටේ සිටින්නේ ස්නායු රෝග විශේෂඥයින් 36ක් පමණයි.ආඝාත රෝගයට  පුහුණුව ලත් අය අඩුයි.ආඝාත ඒකක තිබෙන්නේ 10ක් පමණයි. මේ දේවල් වෙනස් විය යුතුයි යැයි ද වෛද්‍ය උදය රණවක මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya