අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිල්ප අභිමානී 2016 හස්ත කර්මාන්ත හා පේෂ කර්මාන්ත පළාත් ප්‍රදර්ශනය ඇරඹේ

    ඔක්තෝබර් 29, 2016

    ඌව පළාතේ නිර්මාණශීලි කර්මාන්ත කරුවන්ගේ කුසලතා හා හැකියාවන් එළිදක්වන විවිධනිර්මාණ හා පේෂකර්මාන්ත රෙදිපිළි ප්‍රදර්ශනය හා අලෙවි සල්පිල ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේදී පසුගිය දා ආරම්භ කෙරිණි.

    මේ අවස්ථාවට ඌව පළාත් ක්‍රීඩා, කර්මාන්ත හා සංචාරක අමාත්‍ය සාලිය සුමේධ සිල්වා මහතා සහ ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මියද සහභාගී විය.

    පළාතේ දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තෝරාගෙන පළමුවැනි දෙවැනි හා විශේෂ කුසලතා දැක්වූ නිර්මාණ ඇතුලත්කොට කොට ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. ඌව පළාතේ හස්ත හා පේෂකර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා හොද වෙළදපලක් ඇතිකිරීම මෙම ප්‍රධර්ශනය හා අලෙවි සල්පිල පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya