අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු තානාපතිවරයා හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්

    ඔක්තෝබර් 29, 2016

    දකුණු කොරියානු තානාපති චන්ග් වොන් සෑම් (CHANG WON SAM) මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතා අතර
    හමුවක් පසුගියදා බදුල්ල පැල්ගහතැන්න කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    දෙරටේ සුහදතාවය මෙන්ම පළාත් මට්ටමේ සංවර්ධන කටයුතු පිළිබඳව සහ අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා,  ඌව පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මැතිනිය, ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක මහතා, ඇතුළුව ඌව පළාත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගි විය. ඌව ආණ්ඩුකාරවරයා විසින් ඌවෙ නිෂ්පාදන ඇතුළත් තිළිණයක්ද මෙහිදී දකුණු කොරියානු තානාපති වරයා වෙත පිළිගැන්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya