මෙවර ශ්‍රීපාද වන්දනා වාරය වෙනුවෙන් අවශ්‍ය ජල, විදුලි, සනීපාරක්ෂක, සෞඛ්‍ය ආදී යටිතල පහසුකම් සලසා ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීමටත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාමය වැඩසටහනයේදී උන්වහන්සේ එසේ පැවැසූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මදින්න නාහිමියෝ මෙසේ ද පැවැසූහ.
"ගියවර මෙන් මෙවර ද හැටන්, ශ්‍රී පලාබද්දල හා බළංගොඩ යන මාර්ග තුනෙන්ම සමන්දේව ප්‍රතිමා වහන්සේ ප්‍රමුඛ සාධාතුක කරඬුව වැඩමවීමට අවශ්‍ය කටයුතු සලසන 2016.12.11 වැනි දින දේව ප්‍රතිමා වහන්සේට පුද පූජා පවත්වා රාත්‍රී සංඝගත පිරිත් සජ්ජායනය පවත්වා සියලු ආගමික වතාවත් සිදුකර 12 වැනි දා පාන්දර පැල්මඬුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයේ සිට මෙම මාර්ග තුනෙන්ම පෙරහර තුනක් ගමන් ආරම්භ කර පොහෝ දින උඩුමළුවට මෙම දේව ප්‍රතිමා හා සධාතුක කරඬු වැඩමවනවා. මග දිගට බැතිමතුන්ගේ පූජෝපහාර නිසා ඇතිවන පෙරහර ප්‍රමාදයට යම් පිළියමක් ලෙස හැටන් මාර්ගයේ පෙරහර සඳහා පූජෝපහාර පැවැත්වීම හිදැල්ලන ශ්‍රී මහා විහාරය අසල සිට ආරම්භ කිරිමට කටයුතු කරනවා. ශ්‍රී පලාබද්දල මාර්ගයේ ගමන් කරන පෙරහර රත්නපුර සමන් දේවාලයට පැමිණ හිදැල්ලන දක්වා ගමන් කර ඉන් පසු සිරිපාගම හරහා උඩුමළුව වෙත ගමන් කිරිමට ද, බළන්ගොඩ හරහා ගමන් කරන පෙරහර ගියවර මාර්ගයේදීම උඩුමළුව වෙත ගමන් කිරිමට සැලසුම් කර තිබෙනවා ".
AP/DMU-Ratnapura