නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා සහ පළාත් පාලන ඇමැති බියගම ප්‍රාදේශීය සභාවේ ප්‍රගතිය විමසයි

    ඔක්තෝබර් 27, 2016
    නිල කාලය අවසන්වූ පසුව බියගම ප්‍රාදේශීය සභාවේ ප්‍රගතිය පිළිබඳ ව  සොයා බැලීම වෙනුවෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගිය දින එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
     
    පවතින ගැටලු පිළිබඳ ව අවධානය යොමුකළ ෆයිසර් මුස්තෆා මහතා, එම ගැටලු කඩිනමින් විසඳීමට මැදිහත් වන බව ප්‍රකාශ කළ අතර නිවරදි තීන්දු ගෙන සභාව කාර්යක්ෂමව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට උපදෙස් ද දුන්නේය.
     
    එමෙන් ම කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතා නියෝජිතයන්ට පළාත් පාලන ආයතන බාරදීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් ෆයිසර් මුස්තෆා මහතා මෙහිදී පැවසීය. 
     
    "රුවන් විජයවර්ධන අමාත්‍යතුමා මට කථා කළා, බියගම ප්‍රාදේශීය සභාවේ ගැටලු පිළිබඳ ව සාකච්ඡා කරන්න. පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විදියට, පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ව වගකීමක් මට තියෙනවා. ඒ නිසා මම අද මේ සාකච්ඡාවට සහභාගි වුණා. මම අද මෙතෙන්ට ආවාම සමහරු චෝදනා කරනවා, මම එක්සත් ජාතික පක්ෂය දිනවන්න ආවා කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්. මම කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් වෙන්න ඉඩතියන්නේ නෑ". 
     
    "අද අපි ඉන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක. ඉතිං ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු එක රැස්වීමක වාඩිවීමෙන් පක්ෂයකට අසාධාරණයක් වෙන්නේ නෑ. කැබිනට් එකේ අපිට එකට වාඩිවෙන්න පුළුවන් නම්, පළාත් පාලන ආයතනයක ප්‍රශ්න විසඳන්න එකට ඇයි වාඩිවෙන්න බැරි ඇයි..? ඕන කෙනෙකුට ඕනම දෙයක් කියන්න පුළුවන්. සමහරු මාධ්‍ය ප්‍රචාරයක් ලබාගන්න විරෝධතා කරනවා. 
     
    පළාත් පාලන ආයතන පාලනය කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් බවත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබාදිය යුතු බවත් බස්නාහිර මහ ඇමතිවරයා සමඟ සාකච්ඡා කොට බියගම ප්‍රාදේශීය සභාවේ ගැටලු විසඳන්න කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, බියගම ප්‍රාදේශීය සභාවේ ලේකම් වසන්ති වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya