නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනානායක මහතාගේ ඉඩම් ප‍්‍රතිපත්තියෙන් ඉඩම් ප‍්‍රශ්නයට විසදුමක් ලැබෙනවා - සෞඛ්‍ය ඇමැති

    ඔක්තෝබර් 27, 2016
    ශ‍්‍රී ලාංකිකයින්ට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කළ ඩී.එස් සේනානායක මහතාගේ ඉඩම් ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළේ නම් ඉඩම් ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙන බව මම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ උපහාර උත්සවයක්  පසුගිය දා මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ දී පැවැති අතර එම අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    "ඩී.එස්. සේනානායක මහතා පිළිබඳ ව වර්තමාන දරු දැරියන් දැනගත යුතුයි. ඔහු යුරෝපීය ඇඳුම් ඇන්දත්, සිංහලකම තිබුණේ හදවතේ සහ ක‍්‍රියාවලියේයි. මින්නේරිය ව්‍යාපාරය, ගල්ඔය ව්‍යාපාරය වැනි ගොවි ජනපද ආරම්භ කරමින් ප‍්‍රභූ පැලැන්තියට නොව අහිංසක ජනතාව වෙනුවෙන් ඩී.එස්. සේනානානයක මහතා උදාර මෙහෙවරක් ඉටු කළා. ජාතික නිදහස් අරගලයට ද හඬ පෙවූ එතුමා අමද්‍යප ව්‍යාපාරය ක‍්‍රියාත්මක කර මධ්‍යසාර තුරන් කිරිම සඳහා ද වැඩපිළිවෙළක් දියත් කළා. ඉංග‍්‍රීසි ආණ්ඩුකාර සොල්බරි සාමි මවිතයට පත් කරමින් පුර්ණ නිදහස ලබාගැනීමට සේනානායක මහතා කැපවීමෙන් කටයුතු කළා. ජාතිවාදය, ආගම්වාදයෙන් තොර වූ ඔහු ජනතාවගේ හිත් තලා නිදහස ලබාගැනීමට කටයුතු කළේ නැහැ. එහෙත් වර්තමානයේ ඇතැමුන් ජාතිවාදය ඇවිලීමට උත්සාහ කරනවා. ඩි.එස් සේනානායක මහතා ශ‍්‍රී ලංකාවේ වාරි කර්මාන්තය දියුණු කිරීම ද කැප වී කටයුතු කළා" යැයි ද අමාත්‍යවරයා කීය. ‍
     
    උපහාර උත්සවය ආරම්භ වුයේ මහාමාන්‍ය ඩි.එස්. සේනානායක මහතාගේ ඡායාරූපයකට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පුෂ්පෝහාර දැක්වීමෙන් අනතුරුවය. 
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න, විද්‍යාලයේ විදුහල්පතිනී සි.කේ. වික‍්‍රමාරචිචි මහත්ම මහත්මීහු ඇතුළු ආචාර්ය මණ්ඩලය හා පාසල් දරු දැරියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya