අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුයේ මේ යටතේ ධීවර වරායන් ආර්ථික උත්පාදන මධ්‍යස්ථාන බවට පත් කිරීමට පියවර ගන්නා බවය .
දිවයිනේ සියළු ධීවර වරායන් හි කළමණාකරුවන්ගේ සහභාගිත්වයෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවේදී පැවති විශේෂ සාකච්ජාවකදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේය .
එහිදී “නිල් ආර්ථික” වැඩ පිළිවෙල පිළිබදව වරාය ඉහල කළමනාකාරිත්වය , ධීවර වරාය කළමණාකරුවන් දැනුවත් කර මෙම වැඩ පිළිවෙල සදහා ඔවුන්ගේ අදහස්, යෝජනා මෙන්ම සහය ලබා ගැනීමට කටයුතු කිරීම විශේෂත්වයක්.
මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මඑතා මෙසේද පැවසීය .“ ධීවර ජනතාවට වගේම ධීවර කර්මාන්තයට වැඩදායක ලෙස මේ කර්මාන්තය දියුණු කල යුතුයි . මම විශ්වාස කරන්නේ මේ කර්මාන්තයේ නිරතව සිටින ධීවරයාගෙන් අදහස් නොවිමසා කුමන කටයුත්තක් කළත් පලක් නැහැයි කියලයි . ඒ නිසා ධීවර ජනතාවගේ අදහස් යෝජනා වගේම ධීවර වරාය කළමනාකරුවන්ගේ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් අපේ අත් දැකීම්ද උපයෝගී කර ගනිමින් ක්ෂේත්‍රය පිළිබද විශේෂඥ දැනුමද එක්කර විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කළ යුතුයි.”
“ කිසිසේත් මේ ධීවර කර්මාන්තය කඩා වැටීමට ඉඩ දිය යුතු නැහැ . ධීවර , සංචාරක , ධීවර වරාය මෙහෙයුම් සදහා නව වරායන් ඉදිකිරීමට සැලසුම් කරලා අවසන්. ඒ වරායන් සදහා උපකාර කිරීමට කොරීයානු රජය ඉදිරිපත් වෙලා තියෙනවා . සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සදහා නව සැලසුම් සකස් කරලා තියෙන්නේ. මේ පිළිබදව අගමැතිතුමා සමගත් මම සාකච්ජා කළා . එතුමාගේ වැඩ පිළිවෙලත් ,අදහසත් අපේ නිල් ආර්ථික වැඩ පිළිවෙලට සමානයි .”
“ වරායන් වල ගොඩගැසෙන අපද්‍රව්‍ය, ඒවගේම මුහුදට ප්ලාස්ටික් බෝතල් , පොලිතින් හා දැල් කෑලි එකතු වීමත් විශාල ගැටළුවක්. මේ සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් මම ඉදිරිපත් කළා . සාමාන්‍යයෙන් බහුදින යාත්‍රාවක් මුහුදට යද්දී ගෝනි 10 – 15 බඩු ගෙනියනවා . ඒ ඉතිරිවන සියල්ල දාන්නේ මුහුදට . මේ නිසා මම යෝජනා කළා සෑම බහුදින යාත්‍රාවක් සදහාම විදිමත් කසළ එකතු කරණ බෑගයක් ගෙනයාම අනිවාර්ය කල යුතු බව . නැවත එම බහුදින යාත්‍රාව ගොඩබිමට එද්දී ඒ අපද්‍රව්‍ය නොගෙනාවොත් දඩ නියම කිරීමේ වැඩ පිළිවෙලක් . එය තදින් ක්‍රියාත්මක කල යුතුයි . මේ සදහා නාවික හමුදාවේ සහයත් ගන්න පුළුවන් .”යයි පැවසීය.
AP