අමාත්‍යවරයා පැවසුවේ ඒ සදහා වන ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවය .
සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ 39 වැනි වාර්ෂීක මහා සභා රැස්වීමේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව කියා සිටියේය .
දිනෙන් දින අභාවයට යමින් පවතින මාදැල් කර්මාන්තය රැකගෙන පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී සදහන් කල රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ පැවසීය
.
“ රටේ සෑම ක්ෂේත්‍රයක්ම දියුණු වෙමින් ඉදිරියට යද්දී ධීවර කර්මාන්තය මෙරට ආරම්භවූ මාදැල් කර්මාන්තය අභාවයට යමින් තියෙනවා . මාදැල් කර්මාන්තය ලංකාවේ ආරම්භ වෙලා දැන් වසර 150 කට වැඩියි . එදා රටේ මාළු ඉල්ලුමෙන් 30% ක් සැපයුවේ මාදැල් හිමියන් . කවුරු මොනවා කිවුවත් රසයෙන් , ගුණයෙන් මාළු ලබා දෙන්නේ මාදැල් කරුවන් . ඒ නිසා මේ මාදැල් කර්මාන්තය අපි දියුණු කල කල යුතුයි . ”
“ ඔබ දන්නවා මමත් මාදැල් හිමියෙක් . අපේ පරම්පරාවේ 7 පරපුර ලෙස තමා මම මේ කර්මාන්තයේ යෙදෙන්නේ . අද වෙනකොට තරුණ පරපුර මේ කර්මාන්තයේ නිරත වෙන්න මැලි කමක් දක්වනවා . මාදැල් කියන්නේ අභාවයට යා නොදිය යුතු කර්මාන්තයක් . මේ කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් මම යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ”
“ පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී මුහුදු වෙරළත් බදු දීලයි තිබුණේ . මාදැල් තොටුපල අවහිර කරලා හෝටල් හදන්න කටයුතු කළා . ධීවර කර්මාන්තය කරන වෙරළ තිරයේ පසුගිය පාලන කාලයේදී සංචාරක හෝටල් පවා නීති විරෝධීව හදන්න ඉඩ දීලා තියෙනවා . ඒ හින්ද මාදැල් කර්මාන්තය සදහා “වින්ච්” මෙවලම භාවිතා කිරීමට අවසර ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කල යුතුයි . “වින්ච්” මෙවලම සදහා අවසර ලබා ගෙන ඇතැමුන් කොකු ගසා මාදැල් ඇදීම හේතුවෙන් පහුගිය කාලයේ ගැටළු ඇතිවුනා . ඒ නිසා එසේ කටයුතු කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කල යුතුයි . පරිසරයට හානි නොවන අයුරින් මෙම “වින්ච්” මෙවලම භාවිත කිරීම පිළිබද අධ්‍යනයක් සිදු කෙරෙනෙවා . ”
මෙම අවස්ථාවේදී සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ සම්මේලනය විසින් ඉදිරි වසර සදහා වන යෝජනා ඇතුලත් සංදේශය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ,ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් . එම් . එම් . අධිකාරි මහත්මිය , රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ් මහතා වෙත මෙන්ම ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා ටද භාර දෙනු ලැබීය.
AP