ගෝලීය අරමුදල මගින් ශ‍්‍රී ලංකාවේ HIV/AIDS , ක්ෂය රෝගය සහ මැලේරියාව අවම කිරිම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරනු ලබයි. මෙහි ප‍්‍රගතිය විමර්ශණය කිරිම සඳහා ගෝලීය අරමුදලේ ශ‍්‍රී ලංකා කළමනාකාරිණි බැන්ක්කා මහත්මිය ඇතුලු නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා හමු වී සාකච්ඡාවක් පැවැත්වීය.
එහිදී දකුණු ආසියාවේ අනෙකුත් රටවල් හා සංසන්දය කිරීමේ දී ශ‍්‍රී ලංකාවේ HIV/AIDS ව්‍යාප්තියේ ප‍්‍රවණතාවයේ අඩුවක් දක්නට ලැබෙන බව සාකච්ඡා කෙරුණි. ශ‍්‍රී ලංකාවේ AIDS ව්‍යාප්තවීමට බලපා ඇති ප‍්‍රධාන කරුණු ලෙස සංචාරක ව්‍යාපාරය ආශ‍්‍රිත ගණිකා වෘත්තීය, පුරුෂ සමලිංගික HIV ආසාධිතයින් හේතු වී ඇති බව අවධාරණය කෙරුණි. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමටත් රසායනාගාර සේවා දියුණු කිරීමටත් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරිමටත් ගෝලීය අරමුදල එකඟත්වය පළ කරන ලදී.
තව ද ක්ෂය රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කිරිම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට ද සාකච්ඡා කෙරුණි. ගෝලිය අරමුදලේ ශ‍්‍රී ලංකා කළමනාකාරිණි බැන්කා මහතාමිය උතුරු නැගෙනහිර සහ දකුණු පළාතේ සංචාරය කරමින් මෙම කරුණු පිළිබඳ ව විමර්ශණයක නිරත වී ඇත. මෙහිදී ඇය සඳහන් කළේ 2016 වසරේ දී ශ‍්‍රී ලංකාව ලබා ඇති සෞඛ්‍ය ප‍්‍රගිතය පිළිබඳ ව ගෝලීය අරමුදල සතුටට පත්වන බවයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ජයසුන්දර බණ්ඩාර, සරත් අමුණුගම සහ ආර්.අර්.එම්.එල්.ආර් සියඹලාගොඩ යන මහත්වරු ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.