නුගේගොඩ මහ දෙහිවල පිහිටා ඇති ගුවන් පාලම්වල ලබන 25දා සිට 28දා දක්වා රථවාහන පෙරහුරුවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව මෙම දිනයන් හිදී පෙරවරු 7.00 සිට පෙරවරු 8.00දක්වා කොළඹට ඇතුළවන වාහන පමණක් ගමන් කරවීමටත්, පස්වරු 5.30 සිට පස්වරු 6.30 දක්වා කොළඹින් පිටවන වාහන පමණක් ගමන් කරවීමටත් සැලසුම් කොට ඇත.