මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2016 ඔක්තෝම්බර් 24 වන දින පෙ.ව. 9.00 ට රත්නපුර මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් කාර්යාල පරිශ්‍රයෙන් ආරම්භ කෙරේ.
පොලිතින්,ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත්ව ලෙස බැහැර කිරිම විශාල පාරිසරික ගැටළුවක් වී ඇත. මධ්‍යම පරිසර අධිකාරයේ සබරගමුව පළාත් කාර්යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන හා ඒකාබද්ධව පොලිතින්,ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරිමට අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර මේ පිළිබඳ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කිරිමට කටයුතු යොදා ඇත.
වැඩසටහන අවසානයේ එක්රැස්වන සියලුම පොලිතින්,ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රතිචක්‍රිකරණය කිරිමේ ආයතන වෙත විධිමත් පරිදි බාර දීමට කටයුතු කරනු ලැබේ.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ද සහභාගී වේ.
AP/DMU-Ratnapura