අමාත්‍යතවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ එසේ ජනතා අදහස් නොවිමසා සකස් කරන ප්‍රතිපත්ති වලින් කිසිදු පලක් ජනතාවටත් රටටත් හිමි නොවන බවය . ජනතා අදහස් නොසලකා ඉතිහාසයේ සකස්කළ සෑම ප්‍රතිපත්තියක් ම කුණු කුඩයට විසි කිරීමට සිදුවූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .
ධීවර කර්මාන්තය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීමට මාර්ගෝපදේශකත්වය හා තාක්ෂණික සහය ලබා දීමට මෙරටට පැමිණ සිටින නොර්වේ නියෝජිත කණ්ඩායම හමුවූ අවස්ථාවේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේය .
එම හමුවේදී දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ ධීවර වැනි කර්මාන්තයකට අදාලව ප්‍රතිපත්ති සකස් කිරීමේදී එය කොළඹ ශිත කාමරයකට වී සිදු කිරීම ප්‍රයෝගික නොවන බවය .
එසේම සකස් කරණ ප්‍රතිපත්ති නීතියක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කර ක්‍රියාත්මක කල යුතු බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ධීවර , සංචාරක හා ධීවර ක්ෂේත්‍රට අදාලව වෙළද නාවික කටයුතු උදෙසා යෝජිත “නිල් ආර්ථික” වැඩ පිළිවෙල පිළිබදවත් මෙම නොර්වේ නියෝජිත කණ්ඩායම දැනුවත් කළේය .
AP