ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංගණන හා සමීක්ෂණ ඇසුරින් විශාල පරාසයක් තුළ දත්ත රැස් කිරීම සිදු කරනු ලබන අතර එමගින් කාර්තුමය වශයෙන් හා වාර්ෂිකව විවිධ දර්ශක ගණනය කරනු ලැබේ.
මෙරට ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය හරහා, සංඛ්‍යානමය තොරතුරු නිවැරදිව වාර්තා කිරීමෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත විශාල සහයෝගයක් ලබා දිය හැකිය. ආයතන මට්ටමින් හා ගෘහ කණ්ඩායම් මට්ටමින් නිවැරදිව දත්ත රැස් කිරීමට මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීම සදහා ද ජනමාධ්‍යවේදීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණින් මෙම මාධ්‍ය වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, අමාත්‍යාංශ ලේකම් එම්.අයි.එම්. රාෆික්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.