නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ක්‍රියාදාමයට නායකත්වය දෙමින් සංවර්ධන අරමුණු ජයගැනීමට කටයුතු කරනවා

    ඔක්තෝබර් 18, 2016
    ආසියානු කලාපයේ ශ‍්‍රමිකයින් විදේශ ගත කරන රටවල් (Labour Sending Countries) හා ශ‍්‍රමිකයින් ලබා ගන්නා රටවල් ( Labour Receiving Countries) අතර විදේශ රැකියා කර්මාන්තයේ කටයුතු මනා සම්බන්ධීකරණය තුළින් 2030 දී (2030 - Sustainable Development Goals) අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟාවීමට, ශී‍්‍ර ලංකාව කොළඹ කි‍්‍රයාදාමය ( Colombo Process) තුළින් නායකත්වය ලබා දීමට කටයුතු කරන බව කොළඹ කි‍්‍රයාදාමයේ වත්මන් සභාපතිනිය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
     
    අමාත්‍යවරිය මේ අදහස් ප‍්‍රකාශ කළේ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි දී පැවති කලාපීය සහයෝගීතාවයන්ගේ ජත්‍යන්තර සමුළුවේදීය.  
     
    තවද කොළඹ කි‍්‍රයාදාමය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයාම සඳහා  ශ‍්‍රී ලංකාව ඇප කැප වී කි‍්‍රයා කරන බවත්, 2030 අපේක්ෂිත තිරසාර සංවර්ධන අරමුණුවල ශ‍්‍රමික විගමනය සම්බන්ධයෙන් යෝජිත අරමුණු ළඟා කර ගැනීමට සකී‍්‍රීය පදනමක් මත කටයුතු කිරීමට කොළඹ කි‍්‍රයාදාමය වෙනුවෙන් නායකත්වය ලබා දෙන බවත් එතුමිය පැවසුවාය.
     
    2018 වන විට පැවැත්වීමට නියමිත ජත්‍යන්තර විගමණික සංගතියේ ( Global Compact on Migration) විගමණික ප‍්‍රජාව සම්බන්ධයෙන් තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට ප‍්‍රමාණවත් මැදිහත් වීමක් කොළඹ කි‍්‍රයාදාමය ඔස්සේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පවසන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya