ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හා මුද්දර කාර්යාංශය එක්ව සංවිධානය කරනු ලබන මුද්දර පොළ 2016 අද (07) සිට ලබන (09) දා දක්වා ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්රයේ දී පැවැත්වේ.
මුද්දර පොළ පෙරවරු 9.00 සිට පස්වරු 6.00දක්වා නොමිලේ විවෘත ව පවතී.
මෙම ප්රදර්ශනය මුද්දර කාර්යාංශයේ හා පුද්ගලික මුද්දර අළෙවිකරුවන්ගේ අළෙවි කුටි රැසකින් සමන්විත වේ.