අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටසේ ඉදිකිරීම් ඇරඹේ

    ඔක්තෝබර් 06, 2016

    උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශය මඟින් ක‍්‍රියාත්මක කරන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ (CEP Project-2 ) ඉදිකිරීම් කටයුතු අද (06) ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගිරිඋල්ල බෝයවලාන මංසන්දියේ දී ආරම්භ කෙරිණ.

    අද ආරම්භ කරන ලද මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ  දුර කි.මි 39.7 කි. මෙයට අඹේපුස්ස දක්වා දිවෙන කි.මි 9.7 ක දිග පිවිසුම් මාර්ගය ද ඇතුලත්වේ.

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටස මංතීරු 4කින් යුතුව ඉදිවේ. පැයට කි.මී.100ක වේගයෙන් වාහන ධාවනය කළ හැකි පරිදි නිම කෙරෙන මෙහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ඇතුලත්ය.

    මීරිගම උතුර, නාකුළුගමුව, පොතුහැර, දම්බොක්ක සහ කුරුණෑගල යන ස්ථානයන්හි එම අන්තර් හුවමාරු ස්ථාපිත කෙරේ.

    මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන 4ක පාලම් මතින් අධිවේගී මාර්ගය දිවෙන අතර පාලම් වලින් ආවරණය කෙරෙන දුර ප‍්‍රමාණය මීටර් 1095කි. මෙම ව්‍යාපෘතිය වසර 2 1/2 කින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya