අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “අල්ලස් හා දූෂණයෙන් තොර ශ‍්‍රී ලංකාවක්” නිර්මාණ බාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

    ඔක්තෝබර් 06, 2016

    “අල්ලස් හා දූෂණයෙන් තොර ශ‍්‍රී ලංකාවක්” නිර්මාණ බාරගැනීම කාලය  ඔක්තෝම්බර් 31 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    අධ්‍යාපන අමාත්‍යාංශය හා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව එක්ව අල්ලස හා දූෂණය සමාජයෙන් පිටුදැකීමට ළමා පරපුර දැනුවත් කිරීම සඳහා  "අල්ලස හා දූෂණයෙන් තොර ශ‍්‍රී ලංකාවක්” යන මාතෘකාව යටතේ සමස්ත ලංකා නිර්මාණ තරගාවලියක් පාසල් ළමුන් අරමුණු කර ගනිමින් පැවැත්වේ.

     

    මේ පිළිබඳ තරග නිර්ණායක ඇතුළත් චක‍්‍රලේඛය දිවයිනේ සියලුම පළාත්, කලාප අධ්‍යක්ෂවරුන්ට යවා ඇති අතර මෙම නිර්මාණ චිත‍්‍ර, රචනා, කාව්‍ය, කොටි නාට්‍ය අත්පිටපත්, ගීත, කාටුන්, තේමා පාඨ නිර්මාණ යන අංශ 07 ක් යටතේ ඉදිරිපත් කළ හැක.

     

    චිත‍්‍ර නිර්මාණ වයස් කාණ්ඩ 03 ක් යටතේ ද, (6,7,8 ශ්‍රේණි/9,10,11 ශ්‍රේණි/12,13 ශ්‍රේණී) රචනා තරග වයස් කාණ්ඩ 02 ක් යටතේ ද, (9,10,11 ශ්‍රේණි/12,13 ශ්‍රේණි) කාව්‍ය රචනා තරග වයස් කාණ්ඩ 02 ක් යටතේ ද, (9,10,11 ශ්‍රේණී/12,13 ශ්‍රේණි) නාට්‍ය අත්පිටපත් නිර්මාණ තරග (12,13 ශ්‍රේණී/පාසල්වල ගුරු භවතුන් සඳහා ද විවෘතය) , ගීත නිර්මාණ තරග (12,13 ශ්‍රේණී/පාසල්වල ගුරු භවතුන්) , කාටුන් නිර්මාණ තරග (12,13 ශ්‍රේණී/ගුරු භවතුන්) , තේමා පාඨ නිර්මාණ (12,13 ශ්‍රේණී/ගුරු භවතුන්) සඳහා වන අතර මෙම තරග වලින් ජයග‍්‍රහණ ලබන සිසුන් සඳහා විශේෂ ඇගයීම් කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක කිරිමට ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya