මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ විශේෂ මෙහෙයුම් කාර්යාලයක්

    ඔක්තෝබර් 05, 2016

    තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පසුගියදා පැවති සම්මේලනය සම්බන්ධ කටයුතු අවසන් වී නොමැති බවත් එහිදී ඇති වූ සාකච්ඡා තුළින් අනාගතයට වැදගත් වන තීරණ රැසක් ලබා ගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තු ප්‍රතිංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ විශේෂ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට නියමිත බවයි.
     
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර මෙම සතියේදී එම කාර්යාලය ආරම්භ කරන බව ද සඳහන් කළේය.

    එ‍සේම ‍තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු නිලධාරීන්‍ගේ ලැයිස්තුවක් මේ මස අවසන් වීමට පෙර ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම සම්මේලනයේදී ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ හා ස්වාධීන කොමිෂමක් පිහිටුවීම පිළිබඳ අදහස් ඉදිරිපත් වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya