මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තංගල්ල ධීවර වරායත් බහුකාර්ය ධීවර වරායක් ලෙස සංවර්ධනය කෙරේ .

    ඔක්තෝබර් 06, 2016
    ශ්‍රී  ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීමේ නව වැඩපිළිවෙල යටතේ තංගල්ල ධීවර වරාය ලෝක ධීවර කර්මාන්තය හා තරග කල හැකි ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය .
    “නිල් ආරථික” ඉලක්ක ජයගනිමින් ධීවර කර්මාන්තය නව රැකියා සහ අදායම් උත්පාදන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ වැඩ පිළිවෙල යටතේ තංගල්ල ධීවර වරාය නවීන තාක්ෂණයෙන් හා මනා සැලසුමක් අනුව සංවර්ධනය කෙරේ .ඒ සදහා කොරීයානු රජය මුලික ශක්‍යතා හා සැලසුම් සකස්කිරීමට සියළු පහසුකම් සලසයි .
     
    උඩප්පුව , චලෙයි , මාදකල් හා ඩෙල්ෆ් ප්‍රදේශ වල ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙරට ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් වලට අමතරව තංගල්ල ධීවර වරායද නවීන තාක්ෂණික උපකරණ , විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රා  වලට පිවිසිය හැකි වන පරිදි ගැඔුර අවම වශයෙන් මීටර් 5 වැඩියෙන් වන ලෙස හා නවීන ශීතාගාර , ගබඩා පහසුකම් , සැකසුරුවම් අංගන , විවේකාගාර , සාප්පු සංකිර්ණ  මෙන්ම යටිතල පහසුකම් රැසකින් සමන්විතව සංවර්ධනය කිරීම සැලසුමය .
     
     ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ් , ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු යන මහත්වරු සමග ධීවර ප්‍රජාව නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකු ඉකුත් 25 දින සිට කොරියාවේ සංචාරයක නිරත වුහ . 
     
    එම සංචාරයේදී එරට සාගර හා ධීවර අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරීන් මෙන්ම කොරීයානු ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ සභාපති KIM IN KEWON මහතා ප්‍රමුඛ එරට බලධාරීන් සමග පැවැත්වූ සාකච්ජාවල ප්‍රථිපලයක් ලෙස මේ සදහා ආධාර හා පහසුකම් සැලසීමට කොරීයානු රජය ඉදිරිපත්විය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya