අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටසේ ඉදිකිරීම් හෙට ඇරඹේ

    ඔක්තෝබර් 05, 2016

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටසේ ඉදිකිරීම් හෙට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ (CEP Project- 2) ඉදිකිරීම් කටයුතු හෙට දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිඋල්ල බෝයවලාන මංසන්දියේදී ආරම්භ කෙරේ.

    කොටස් 4ක් යටතේ ඉදිකරනු ලබන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් මේ වන විටත් සිදු වෙමින් පවතී.

     

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදිරයට වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ සහ සිව්වන අදියර වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ද ඉතා කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

     

    මෙම සමස්ත ව්‍යපෘතිය වසර 3ක් තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බව එම අමාත්‍යාංශය  වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya