අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

    ඔක්තෝබර් 05, 2016

    2016 අගෝස්තු 21 වැනි දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 350,740ක් පෙනි සිටියහ.

    එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් අපේක්ෂකයින්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකිය.

    කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවල අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන් හට අද (05) දින පෙ.ව. 9.00න් පසු මෙම දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත පැමිණ ලබා ගත හැකිය.
    අනෙකුත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින පාසල් වෙත තැපැල් කර යැවීමට කටයුතු කරන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර විමසීමක් ඇතොත් පහත සඳහන් දූරකතන අංක ඇමතීමෙන් දැන ගත හැකිය.

    ක්ෂණික ඇමැතුම් අංකය 1911
    පාසල් විභාගය සංවිධන හා ප්‍රතිඵල ශාඛාව- 0112784208/0112784537
                           0113188350/0113140314

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya