අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් දෙකක් ගැන නිවේදනයක්

    ඔක්තෝබර් 03, 2016

    විහාර දේවලගම් සංශෝධන පනත් කෙටුම්පත සහ ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත හෙට (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වුවද එය හෙට දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මෙම පනත කෙටුම්පත් යෝජනාවට එකඟතාව නොදක් වන පාර්ශව ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමිපාණෝ , කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රි සංඝ සභාවේ මහානායක හිමිපානෝ හා ශ්‍රී රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරී හිමිපාණෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා විසින් එකී විහාර ගම් සංශෝධන පනත අනුමත නොකරන ලෙසට ඉල්ලීමක් කර ඇති බව ලේකම්වරයා එම නිවේදනයේ පෙන්වා දී තිබේ.

    එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

    "බෞද්ධ සිද්ධස්ථානවලට අයත් දේපළ ආරක්ෂා කිරීම පිණිස බ්‍රිතාන්‍ය පාලන සමයේ 1931 සම්මත කරන ලද බෞද්ධ විනය දේවාලගම් පනතේ පවතින අඩුපාඩු නිවැරදි කොට වර්තමානයට ගැළපෙන පරිදි එම ආඥා පනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සහ බුද්ධ ශාසනයේ පිරිහීම වැළැක්වීම පිණිස බෞද්ධ විනය පිටකය පදනම් කර ගත් ඒ ඒ නිකායන් හා පාර්ශවයන් විසින් සකස් කර ගන්නා ලද කතිකාවත් සඳහා නීතිමය බලයක් ලබා දීම පිණිස ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාර්යක් බවට දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් විය. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ 1956 බෙද්ධ කොමිෂන් සභා වාර්තාව මඟින් ද 2002 ‍බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව මගින් ද ඉදිරිපත් කර ඇත. ඒ ‍අනුව 1974 වර්ෂයේ පටන් මේ දක්වා දිගන් දිගටම සිදු කරන ලද සාකච්ඡා මත සියලු නිකායන් සහ පාර්ශයන්ගේ එකඟතාවය ලබා ගත හැකි කරුණු ඉදිරිපත් කරමින් විහාර දේවලගම් සංශෝධන පනත් කෙටුම්පත සහ ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට යෙදුණි. දියවඩන නිලමේ තේරීමේ ඡන්ද බලය පිළිබඳව අදාළ නිකායන් හා පාර්ශයන් අතර සාකච්ඡා කොට එළැඹෙන සම්මුතියන් මත පනත් කෙටුම්පතට අදාළ ප්‍රතිපාදන ඇතුළත් කිරීම සියලු පාර්ශවයන් එකඟ විය. මෙම පදනම මත එකී පනත් කෙටුම් පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර සියලු නිකායන් හා පාර්ශයන් එම කාරණය පිළිබඳව පොදු එකඟතාවයකට නොපැමිණීම හේතුවෙන් දියවඩන නිලමේවරයා තේරීමේ ඡන්දයට අදාළ වගන්තිය එසේම පැවතියේදී අනෙකුත් සංශෝධනයන් සම්මත කර ගැනීමට ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු හා අස්ගිරි උභය පාර්ශයන්හි අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා විසින් ඉල්ලා සිටින ලදී.

    එහෙත් එම යෝජනාවට එකඟතාව නොදක් වන පාර්ශව ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමිපාණෝ , කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රි සංඝ සභාවේ මහානායක හිමිපානෝ හා ශ්‍රී රාමඤ්ඤ නිකායේ මහා ලේඛකාධිකාරී හිමිපාණෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා විසින් එකී විහාර ගම් සංශෝධන පනත අනුමත නොකරන ලෙසට ඉල්ලීමක් කර ඇති හෙයින් ද, එකී නිකායන් හා පාර්ශයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳ ව අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා ගරු කතානාකයතුමා සමඟ මගේ ගරු අමාත්‍යතුමා සාකච්ඡා කිරීමේන් අනතුරුව තවදුරටත් ඒ පිළිබඳව සලකා බැලීම සඳහා එකී පනත් කෙටුම්පත් දෙකම 2016 ඔක්තෝමබර් 04 වැනි දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට රජ‍ය තීරණය කරන ලද බව මෙයින් දැනුම් දෙනු ලැබේ."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya