අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනයට කොරියාවෙන් පුහුණු පාඨමාලා ,

    ඔක්තෝබර් 03, 2016
    ධීවර වරායන් හි ඉදිකිරීම්, ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු සියළු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ධීවර වරාය නීතිගත සංස්ථාවේ ඉහල කළමනාකාරිත්වයේ නිලධාරීන්ට පුහුණු පාඨමාලාවක් ලබා දීමට කොරීයාවේ සාගර හා ධීවර අමාත්‍යංශය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වෙත කැමැත්ත පල කර තිබේ .
     ඒ අනුව මෙම පාඨමාලාව සදහා වැයවන සියළු වියදම් කොරියාව දරණ බවට එරට සාගර හා ධීවර අමාත්‍යංශය,රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත සහතික වී ඇත .
     
    කොරියානු රජයේ ආරාධනාවකට අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පසුගියදා කොරියාවේ සිදුකල සංචාරයේ ප්‍රථිපලයක් ලෙස මෙම පුහුණු පාඨමාලා ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට හැකි විය.
     
    එම සංචාරයේදී කොරීයානු සාගර හා ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ජාවන්හි ප්‍රථිපලයක් ලෙස මෙම පුහුණු පාඨමාලා ශ්‍රී ලංකාවට හිමි විය .
     
    දින දහයක මෙම පුහුණු පාඨමාලා කොරියාවේදී පැවැත්වේ. පාඨමාලා සදහා යාමට ඒමට ගුවන් ටිකට්පත් , නවාතැන් පහසුකම්, ආහාරපාන මෙන්ම පාඨමාලාවට අවශ්‍ය සෙසු සියළු පහසුකම් සියල්ල කොරීයානු රජයෙන් ලබා දීමට නියමිත අතර මෙම පුහුණු පාඨමාලා සදහා සුදුස්සන් කඩිනමින් යැවීමට අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කරමින් පවති . 
     
    ආසියානු කලාපයේ තිරසාර ධීවර කලමනාකරණය උදෙසා සාගර සෞඛ්‍ය ඉහල නැංවීම සදහා වන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමට ලංකාවේ තිදෙනෙකුට අවස්ථාව ලබා දීමටද කොරීයානු රජය කැමැත්ත පල කළේය .
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya