අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක්

    ඔක්තෝබර් 01, 2016

    වර්තමානයේ කුමන තරාතිරමක සිටිය ද තමන්ට අධ්‍යාපනය ලබා දෙමින් යහමගට ගැනීමට උත්සාහ කළ තමන්ගේ ගුරු මව්වරුන්ට හා පියවරුන්ට කෘතවේදීත්වය පළ කිරීම සඳහා එළඹෙන ලෝක ගුරු දිනදා (ඔක්තෝබර් 06) දූරකතන ඇමතුමක් හෝ ලබා දී ඔවුන් වෙත තම කෘතවේදීත්වය පළ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටි.

    තෑගි බෝග ලබාදීමෙන් හෝ වචන දහස් ගණනක් පැවසීමෙන් ගුරුවරුන්ට ලබා දිය නොහැකි අගය කිරීමක් “ස්තූතියි" යන වචනයෙන් පැවසිය හැකි බව සිහිපත් කළ  අමාත්‍යවරයා, තම කෘතවේදිත්වය ගුරුවරයා හමුවීමෙන්, දූරකතන ඇමතුමකින්, සමාජ ජාල මගින් හෝ වෙනත් කුමන හෝ මාර්ගයකින් පිරිනැමීමට කටයුතු කරන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    අධ්‍යාපන අමාත්‍යවරයා මේ ඉල්ලීම පසුගියදා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවති මනමේ නාට්‍යය හා විරාගය නවකථාවට වසර 60 ක් පිරීම නිමිත්තෙන් ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කළ සම්මන්ත්‍රණයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

    අග්‍රාමාත්‍යවරයාගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේ දී කොළඹ නගරය හා වෙනත් නගර ආශ්‍රිතව නවීන පහසුකම් වලින් සමන්විත රඟහල් කිහිපයක් ඉදිකරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

    සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය මහචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා විසින් සිදු කළ අතර මෙම උත්සව අවස්ථාවට ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු මහතා, පළාත් අධ්‍යාපන නිලධාරීන් සහ ටවර් හෝල් රඟහල පදනමේ නිලධාරීන් ,ගුරුවරුන් හා සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya