අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් 25 කට සුහුරු පන්ති කාමර, නියමු ව්‍යාපෘතියක් සූදානම්

    ඔක්තෝබර් 01, 2016

    නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් පාසල් 25 ක “සුහුරු පන්ති කාමර”(Smart Class Room) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමඟ අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා පාසල් ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් රජය මේ වන විට විශේෂ වැඩසටහන් රැසක් දියත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ කොළඹ ජාතික ආරක්ෂක සේවා විද්‍යාලයට දස වසරක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ‍ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වෙනස් වන ලෝකය සමඟ දැනුම යාවත්කාලීන කරමින් ඉදිරියට යාමට අප අපොහොසත් වුවහොත් නුදුරු අනාගතයේ දී රටක් ලෙසත් ජාතියක් ලෙසත් හුදකලා වීමට සිදුවනු ඇති බවට ද අනතුරු ඇඟ වූ අමාත්‍යවරයා, රජය මේ අභියෝගවලට මුහුණ දීම සඳහා විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මීට අමතරව විභාග පවත්වා ඉන් තෝරාගන්නා අති දක්ෂයින්ගේ සේවාව මෙරට අධ්‍යාපනපද්ධතියට ලබාගැනීම සඳහා මේ වන විට තමා නායකත්වය ලබා දී ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා, එලෙස විදුහල්පතිවරුන් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් මෙන්ම ගුරුවරුන් රැසක් ද  අධ්‍යාපන පද්ධතියට එක් කර ගැනීමට හැකි වී ඇතැයි ද සඳහන් කළේය.

    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ හා පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya