අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංවර්ධන ඉලක්ක 17 පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්

    සැප්තැම්බර් 27, 2016
    නිවැරදි සංවර්ධනයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක 17 පිළිබඳව මුළු රටම දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වැනිදා කොළඹදී පවත්වන බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
    සුමේධා ජී. ජයසේන වැඩබලන අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ  පසුගියදා පැවති ජාත්‍යන්තර සාම දින වැඩමුළුව හා සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි. ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ජාත්‍යන්තර සාම දින වැඩමුළුව සහ සමරු උත්සවය පැවැත්වුණේ කොළඹ පිහිටි ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදීය.
     
    මෙහිදී අදහස් දැක්වූ තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය රට ඉදිරියට ගෙනයාමේදී මෙම තිරසර සංවර්ධන ඉලක්ක 17 ජයගැනීම ඉතා වැදගත් වන බවද පැවසුවාය.
    “අද දිනයේ ලෝ පුරා “එක්සත් ජාතින්” විසින් ප්‍රකාශිත “ජාත්‍යන්තර සාම දිනය” සමරනු ලබයි. මෙම වසරේ සාම දින තේමාව ලෙස ප්‍රකාශ කර ඇත්තේ “සාමය ගොඩනැංවීමේ ගඩොල් වනුයේ තිරසර සංවර්ධන ඉලක්ක වේ” යනුවෙනි.
    මෙම අමාත්‍යංශය තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරි වසර 15 තුළ  ශ්‍රී ලංකාව තුළ ජය ගැනීමේ සුවිසල් අභියෝගය වෙනුවෙන් ක්‍රියාත්මක වේ. ලෝකයේ රටවල් 193 ක ප්‍රධානීන් 2015 සැප්තැම්බර් මාසයේ දී නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ එක්වී තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ලෝකයට එළිදක්වනු ලැබීය.
     
    දරිද්‍රතාවය පිටුදැකීම, කුසගින්න පිටුදැකිම, නිරෝගී පැවැත්ම සහ යහපත් සෞඛ්‍ය ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව ඇතුළු ඉලක්ක 17 ක් මෙම තිරසර සංවර්ධනයට ඇතුළත්. මෙම ඉලක්ක 17 ජයගැනීම අප සියලුම දෙනාගේ අභිප්‍රාය විය යුතුයි. තිරසර සංවර්ධන ඉලක්ක 17 පිළිබඳව මුළු රටම දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තොම්බර් 05 වැනිදා කොළඹදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කරමින් පවති.
     
    තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමේදී සත්වයින් හා පරිසරය සමග කෙරෙන සම්බන්ධයද ඉතාමත් වැදගත්.සාගර සම්පත් සුරක්ෂිතතාව 14 වැනි ඉලක්කය වශයෙන් හදුන්වාදී තිබෙනවා. වනජීවීන් ඇතුළු වන සම්පත් රැකගැනීම 15 වැනි ඉලක්කය වශයෙන් හදුන්වාදී තිබෙනවා. තිරසර සංවර්ධනයේදී සතා සිවුපාවාට හා පරිසරයට දක්වා තිබෙන අවධානය එමගින්ම පෙන්නුම් කෙරෙනවා.
     
    එයින් 16 වන ඉලක්කය ලෙසින් ප්‍රකාශිත “සාමය හා සාධාරණත්වය” ඉතා වැදගත් වනු යේ සාමයෙන් තොරව තිරසර සංවර්ධනයක් ගැන කථා කළ නොහැකි නිසාය. තිරසර සංවර්ධනයක් කරා යන ගමනේදී අද දින අප සමරන “සාමය” උදාකර ගැනීම හා පවත්වා ගෙන යෑම අතිශයින් ම වැදගත්වේ. 
     
    සාමය සමාදානය සහ මානව අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන “ශ්‍රී ලංකා එක්සත් ජාතීන් මිත්‍රත්ව සංවිධානයේ” (සන්ෆෝ) අනුශාසක පාර්ලිමේන්තුවේ කථානායක කරූ  ජයසූරිය මහතාගේ ආශිර්වාදය ඇතුව ලෝක සාම ගම්මානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබීම අතිශයින්ම සුවිශේෂී වේ.
     
    පසුගිය 10 - 25 වන දින දක්වා මෙම සැප්තැම්බර් මාසය තුළ “සන්ෆෝ” මගින් ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් සහ වැඩසටහන් පවත්වාගෙන යනු ලබයි.
     
    සාමය ගැන කතාකරනවිට එය අපගේ මනස තුළ ඇති වන “පුද්ගලික සාමය” අපගේ නිවස තුළ ඇතිකර ගතයුතු “පවුලේ සාමය” සමාජයෙහි “සාමූහික කණ්ඩායම් සාමය” තුළින් අප ජීවත්වන ගමේ නගරයේ පළාතේ රටේ සහ ලොවේ සාමය දක්වා ක්‍රියාත්මක විය යුතුයි යනුවෙන්ද සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
     
    තිරසර සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකා ඉන්දියා සහයෝගීතා සම්මාන පිරිනැමීමද සිදුකෙරුනේ සුමේධා ජී. ජයසේන මහත්මිය අතිනි.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා, එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා අධ්‍යක්ෂිකා සහ දකුණු ආසියා නියෝජිත ෆ්‍රැන්කොස් ජේකොබ් මහත්මිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya