විශාල මුදල් සම්භාරයක් වියදම් කළ යුතු, මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති, විදේශ හා පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට භාරදීමෙන් රජයේ ප්‍රාග්ධන වියදම් අවම කරගැනීමට හැකි බවද අමාත්‍යවරයා පවසයි. මුදල් අමාත්‍ය කරුණානායක මහතා මේ බව පැවසුවේ ඇමෙරිකානු ආධාර ආයතනය (UDAID) විසින් සංවිධානය කරන ලද කොළඹ පැවති සමුළුවක් අමතමිනි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති මෙම සමුළුවේ දී අමාත්‍යවරයා කියා සිටියේ සැලසුම්ගත රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රමවේදය තුලින් විශාල විදේශ ආයෝජන ප්‍රමාණයක් රට තුලට ඈදාගැනීමට හැකියාව උදා වන බවයි. එමඟින් රටට හා ජනතාවට පහසුකම් රැසක් ලබාගත හැකි බව ද අමාත්‍යවරයා එහි දී පැවසීය.
එලෙස විදේශ ආයෝජකයන් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුදල් යොදවන විට ඒ වෙනුවෙන් රජය දැරිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි වන බැවින් රජයට එම මුදල් ණය ලෙස ලබාගෙන ආපසු ගෙවීමට සිදුවන අපහසුතාවය මගහැරෙන බවත් කරුණානායක මහතා පැවසීය.
තවදුරටත් කරුණු දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද පැවසීය.
“2015 ජනවාරි 08 දා රටේ ඇතිවූ වෙනස මෙරටට විදේශ ආයෝජකයින් පැමිණීමට බලපෑ විශේෂ, එක් කරුණක්. යහපාලන රජය එම තත්ත්වය තවත් දියුණු කරමින් දේශපාලනික වෙනස්කම් කීපයක් දැනට සිදුකර තිබෙනවා. පෙර පැවති ලෙස, පාලකයින්ගේ උවමනාවට රජයේ ටෙන්ඩර්, තෝරාගත් පිරිස් වලට දෙන ක්‍රමවේදය අපි වෙනස්කර තිබෙනවා.
රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ක්‍රම තුලින් වඩා ඉක්මන් විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම ක්‍රමවේදයකට අනුව කටයුතු සිද්ධ වෙනවා. මේ තුළින් රටේ දියුණුව ඇතිකිරීම හා ඒ තුළින් ජනතා යහපත සැලැස්වීමයි රජයේ අරමුණ. ඊට අවශ්‍ය යහපත් වටපිටාවක් නිර්මාණය කරදීමට මෙම රජය කටයුතු කරමින් සිටිනවා.
නව තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරන නිසා නව ක්‍රමය තුළින් එදා මෙන් මාස ගණන්, වසර ගණන්, ටෙන්ඩරයක් නිමා කිරීමට ගතවන්නේ නැහැ. එබැවින් රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ක්‍රමවේදය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප්, අමෙරිකානු ආධාර ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ තෝමස් බෙයාර් යන මහත්වරු සහ දයා ගමගේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, රාවුෆ් හකීම්, ඩී.එම්. ස්වාමිනාදන් සහ ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යරු ද සහභාගී වූහ.
AP