මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට ජාත්‍යන්තර අවධානයට ලක්වු දිස්ත්‍රික්කයක් - ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 27, 2016
    විදේශ ආයෝජන ගලා එන ජාත්‍යන්තර අවධානය විශාල ලෙස යොමුව ඇති දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය පත්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
    රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ නායකත්වය හා අග්‍රාමාත්‍යවරයාගේ නිවැරදි මග පෙන්වීම ඊට හේතු වී ඇති බවය . විදේශ ආයෝජන ගලා එන දිස්ත්‍රික්කය බවට පත්වීමත් සමග කර්මාන්ත කලාපයක් හම්බන්තොටට ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍ය  දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය .
     
    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හම්බන්තොට සිංගප්පූරු සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු හම්බන්තොට දිස්ත්‍රික් සක්‍රිය වෙළද සංගමයේ 2015 / 2016  වසර සදහා වන සම්මාන ප්‍රදානෝත්සවයේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    දිස්ත්‍රික්කය පුරා විසිරි ඇති වෙළද හා ආංශිත සංගම් හදුනාගැනීම , ඇගයීම , දිරිගැන්වීම හා පිළිගැනීමට ලක් කිරීම . සංගමය පවත්වාගෙන යාම පිළිබද ස්‌වයං තක්සේරුවකට එලබීමට අවස්ථාව සැලසීම . සමාජ යුතුකම් හා වගකීම් පිළිබද ව්‍යවසායකයින් පෙළඹවිම  යන මුලික කරුණු පදනම් කර ගනිමින් ත්‍යාග හා සම්මාන ප්‍රදානය සදහා සුදුස්සන් තේරීම සිදුකර ඇත .
     
    මෙහිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා , මෙසේද පැවසීය .“ ව්‍යපාරික හා කර්මාන්ත අතින් සීග්‍රයෙන් දියුණු වන දිස්ත්‍රික්කය හම්බන්තොටයි . මෙම දිස්ත්‍රික්කයට විශාල සංචාරක ආකර්ෂණයක් ලැබී තියෙනවා . ඒ අනුවත් හම්බන්තොට ජනතාවගේ ආර්ථිකය සංවර්ධනයට විශාල ශක්තියක් . මේ අනුව විශාල රැකියා ප්‍රමාණයක් බිහි වෙනවා . මම විශ්වාස කරනවා මෙම සංවර්ධන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනකොට මේ හම්බන්තොට පරිවර්තනිය වෙනසකට ලක් වෙයි කියලා . මේ දැවැන්ත සංවර්ධනයත් සමග වක්‍ර රැකියා දහස් ගණනක් බිහි වන බවත් ඒ මගින් අපේ ජනතාවගේ අදායම් ඉහල යන බවත් පැවසීය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya