අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන "ලඟම පාසල හොඳම පාසල" බවට පත් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන යටතේ ශ්‍රි ලංකාවේ පාසල් 7,000 ක් 2016 වසරේ සිට 2020 වසර දක්වා කාල සීමාව තුළ සංවර්ධනය කිරීම යෝජිත අතර එමගින් නව ගොඩනැගිලි ඉදි කිරීම, භාණ්ඩ හා උපකරණ සැපයීම, මානව සම්පත් සංවර්ධනය හා ජල විදුලි හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සිදු වේ.
මේ සඳහා 2016 වසර වෙනුවෙන් වෙන් කරන ලද මුදල රු.මිලියන 63,950 කි.
AP