අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු පුහුණු කිරීමේ ආයතනයට ISO-9001:2008 තත්ත්ව සහතිකය

    සැප්තැම්බර් 26, 2016
    නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ ජාතික පුහුණු කිරීමේ ආයතනයක් වන කටුබැද්ද පිහිටි කර්මාන්ත ඉංජිනේරු පුහුණු කිරීමේ ආයතනයට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඇගයීම තුලින් ISO – 9001:2008 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය දිනා ගැනීමට හැකිවිය.
    මෙම ආයතනයට මෙම සහතිකය ලබා ගැනීමට හැකිවූයේ නිපුණතා පාදක වෘත්තීය පුහුණු පාඨමාලා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් හට පවත්වා ජාතික වෘත්තීය සුදුසුකම් සහතික ලබා දෙමින් අප රටේ  ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා කරනු ලබන සියළුම ක්‍රියාවලියන් සහ වගකීම් පිළිගත් තත්ත්ව කළමනාකරණයක් යටතේ කටයුතු කිරීම නිසාය.
     
    ඉහත අමාත්‍යාංශය යටතේ නිපුණතා පාදක පුහුණු පාඨමාලා මෙන්ම ආධුනික පුහුණු පාඨමාලා පවත්වමින් රාජ්‍ය වෘත්තීය පුහුණු  ආයතනයක් ලෙසින්  ශ්‍රී ලංකාව තුලදී  මෙම සහතිකය හිමිකර ගත් මුල්ම ආයතනය බවට පත්විමට හැකිවිය.
    තත්ත්ව කළමනාකරණය ක්‍රියාත්මක කිරීම තුලින් මෙම ආයතනය  තම පාරිභෝගිකයන් වන පුහුණුලාභීන්, ඔවුන්ගේ දෙමාපියන් සහ ශ්‍රී ලංකාවේ මෙන් ම ජාත්‍යන්තර කර්මාන්ත අවශ්‍යතා සපුරාලීම සඳහා ගුණාත්මක බවින් යුතුව වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම සිදුකරයි. මෙහිදී වෘත්තීය අධ්‍යාපනය ලැබීම තුලින් පුහුණුලාභීන්ට ජාතික සහ ජාත්‍යාන්තරව රැකියා ලබා ගැනීමට ඇති හැකියාව ද වර්ධනය වේ.
     
    වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ දි පුහුණුව සැලසුම් කිරීමේ අදියරේ සිට පුහුණුව/අධ්‍යාපනය ලබාදීම,ඇගයීම,නිර්දේශ ලබාදීම සහ සහතිකපත් ලබාදිම යන සියළු ක්‍රියාවලියන් පිළිගත් ගුණාත්මක, නීති රෙගුලාසි සහ මාර්ගෝපදේශවලට අනුකූලව කළමනාකරණය කරමින් සිදුකරන බැවින් සියළු දෙනාහට උසස් මට්ටමේ සේවයක් මෙම ආයතනයෙන් ලබාගත හැක.
     
    මෙම ISO - 9001:2008 තත්ත්ව කළමනාකරණ සහතිකය දිනා ගැනීම සඳහා ආයතනයේ විදුහල්පතිනිය, පී.එම්.කුමාරසිංහ මහත්මිය,නියෝජ්‍ය විදුහල්පති කේ.ඒ. ජිනදාස මහතා ඇතුළු සියළුම අධ්‍යයන අංශවල ප්‍රධානීන් සහ පුහුණුකරුවනුත්, අනධ්‍යයන අංශවල නිලධාරී මහත්ම මහත්මීන්ගේ පූර්ණ කැපවීම  සහ ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂ (තත්ත්ව) පී.එන්.කේ. ඩයස් මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (තත්ත්ව) ටී.පී.කේ. පෙරේරා මහතා ඇතුළු තත්ත්ව කළමනාකරණ අංශයේ නිලධාරීන්ගේ මාර්ගෝපදේශකත්වය හා කැපවීම ඉතාමත් අගය කොට සැලකිය යුතුය. 
     
    මෙම අධිකාරියේ ප්‍රධාන කාර්යාලය 2015 වසරේ සිටම ISO – 9001:2008 තත්ත්ව කළමනාකරණ සහතිකයට හිමිකම් කියන අතර, අධිකාරියේ සභාපති ආචාර්ය චානක අතුකෝරල මහතා සහ උප සභාපති පී.ජී.දසනායක මහතා මෙන්ම අධ්‍යක්ෂ ජනරාල් ජගත් බස්නායක මහතා යන අයගේ මඟ පෙන්වීම සහ අවශ්‍ය දිරිය ලබාදීම මත මෙම සියළු දිනාගැනීම් ලඟාකර ගැනීමට හැකිවිය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya