මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම එච්.අයි.වී ආසාදිතයින්ට නොමිලේ ප‍්‍රතිකාර

    සැප්තැම්බර් 25, 2016
    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සියළුම එච්.අයි.වී ආසාදිතයින්ට නොමිලේ ප‍්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
    ශ‍්‍රී ලංකාවේ එච්.අයි.වී සහ ඒඩිස් මර්දන කටයුතු හා කොන්ඩම් භාවිතය පිළිබඳ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත‍්‍රණයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලදි. 
     
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා "එච්.අයි.වී ඒඩ්ස් රෝගය අප‍්‍රිකානු සහ ආසියානු රටවල පැතිර යන බව සොයාගෙන තිබෙනවා. 2015 වසරේ දත්තවලට අනුව එච්.අයි.වී ආසාදිතයන් මිලියන 36.7ක් ලෝකය පුරා වාර්තා වී ඇති අතර, මිලියන 1.1ක් ඒඩ්ස් රෝගයෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 2015 වසරේ දී පමණක් මිලියන 2.7ක් එච්.අයි.වී ආසාදිතයින් සොයා ගැණුනා" යැයි ද කීය. 
     
    මෙහිදී ශ‍්‍රී ලංකාවේ එච්.අයි.වී සහ ඒඩ්ස් මර්දන කටයුතු හා කොන්ඩම් භාවිතය පිළිබඳ පර්යේෂණ වාර්තාව එඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදෙන ලදි. 
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) සරත් අමුණුගම මහතා ඇතුලු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya