අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමෙන් වාර්තාගත ආදායමක්

    සැප්තැම්බර් 24, 2016
     
    මහවැලි සත්ව ව්‍යාපාරික සමාගම වැසී යාමට ආසන්නව තිබු අතර නව රජය පත්වීමත් සමඟ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය යටතට පත් විය.
    මෙහිදී සේවකයින්ගේ රැකියා අහිමී වීමේ තත්වය සැලකිල්ලට ගෙන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ විශේෂ අවධානය මෙම සමාගම වෙත යොමු කරමින්,මෙම වසරේ ජනවාරි මස නව කළමනාකාරීත්වයක් යටතේ එම සමාගම පවත්වා ගෙන යාමට තීරණය කරන ලදී. ඒ අනුව පත්වු නව කළමනාකාරීත්වය ගතවු මාස 08 තුළ සාධනීය මට්ටමේ ආදායම් වර්ධනයක් පෙන්නුම් කර ඇත.
     
    අක්කර 25 ක භූමි භාගයකින් යුතු මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමේ එකම ගොවිපල හා ප්‍රධාන කාර්යාලය තඹුත්තේගම පිහිටා ඇති අතර, දැනට මෙහි මුළු සේවක සංඛ්‍යාව 87 කි. ඉන් 32 ක් ස්ථිර සේවකයින් ලෙස කටයුතු කරති. 
    කුකුළු මස් සඳහා කුකුළන් ඇති කිරීම, ගොවියන් සඳහා බ්‍රොයිලර් පැටවුන් නිෂ්පාදනය කිරීම හා බිත්තර නිෂ්පාදනය කර අලෙවි කිරීමෙන් මෙහි අදායම උපයා ගන්නා අතර පසුගිය මාස 08 තුළ මෙම නිෂ්පාදනයන්ගෙන් සාධනීය අදායමක් සමාගම ලබා ගෙන ඇත. 
     
    ඒ අනුව මෙම වසරේ ජනවාරි සිට ජුනි මස දක්වා සමාගම ලැබු මුළු අදායම ලක්ෂ 807 ක් වන අතර නිෂ්පාදන පිරිවැය හා සේවක වැටුප් ගෙවීමෙන් අනතුරුව ලක්ෂ 189 ක වාර්තාගත ශුද්ධ ලාභයක් අත් කර ගෙන ඇත.
     
    මෙයට අමතරව එම සමාගම, ගෙවී ගිය හය මසක කාලය තුළ නව පාලනාධිකාරයේ ක්‍රමවත් පරිපාලනය හා සේවකයින්ගේ කැපවීම මත අබලන් තත්වයේ පැවති බීජ රක්කනාගාර ගොඩනැගිල්ල ද, ගොවිපල භූමිය තුළ ඇති අභ්‍යන්තර මාර්ග පද්ධතිය, ගොවිපල තුළ ජෛව ආරක්ෂක කටයුතු ද සේවක ගොඩනැගිලි මෙන්ම අබලන් තත්වයේ පැවති සියළුම වාහන ද අළුත්වැඩියා කිරීමෙන් අනතුරුව ගොවිපල භාවිතය පිණිස මේ වන විට යොදා ගෙන ඇති බවද සමාගමේ පාලන අධිකාරිය පැවසීය.
    AP 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya