අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනක බිබිලේ ගුණසමරුව ලබන 23 දා.

    සැප්තැම්බර් 21, 2016
    මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරු උත්සවය සැප්තැම්බර් 23 සිකුරාදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
    ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවයේ දී මහාචාර්ය සේනක බිබිලේ සමරු දේශණය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ප‍්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය විසින් පැවැත්වීමට නියමිතය. 
     
    මෙම උත්සවයේ දී මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ශිෂ්‍යත්ව ප‍්‍රදානය, වෛද්‍ය පීඨයන් හී ඖෂධවේදය පිළිබද විශිෂ්ට දක්ෂතා ඇගයීම සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවක සේවිකාවන්ට තිළිණ ප‍්‍රදානය ද සිදු කිරීමට කටයුතු යොදා ඇත.
     
    මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් යෝජනා කරන ලද ඖෂධ ප‍්‍රතිපත්තිය මත පදනම් වූ ශ‍්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය මේ වනවිට ක‍්‍රියාත්මකයි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීම මත සකස් කෙරුනු මෙම ඖෂධ ප‍්‍රතිපත්තිය තුළින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කර ඇත. එම ඖෂධ නියාමන අධිකාරිය සකස් කරන ලද ඖෂධ මිල අඩු කිරීමේ ක‍්‍රමවේදය සේනක බිබිලේ ගුණසමරුව පවත්වන එදින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya