අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොච්චියාගම හැලැඹෑව වී ගබඩා සංකීර්ණයේ ඉදි කිරීම් ඇරඹේ

    සැප්තැම්බර් 21, 2016
    නොච්චියාගම ප්‍රදේශය ගත්තම වී මෙට්‍රික්ටොන් දහදාහකට වඩා ලැබෙන පළාතක්. ඒ නිසා තමයි මේ පළාත තෝරාගත්තේ.මේ අවුරුද්දේ ගබඩා තුනක් ඇති කරනවා.එකක් හම්බන්තොටටත් අනිත් එක කිලිනොච්චිය දිස්ත්‍රික්කයටත් අනිත් එක අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් ඉදිකරනවා යයි ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා නොච්චියාගම හැලැඹෑව වී ගබඩා සංකීර්ණයට මුල්ගල තබමින් මෙසේ පැවසීය.
     
    මෙහි ගබඩාවක් විතරක් නෙවේ කමතකුත් දානවා වී ටික වේලගන්න.තව කාර්යාලයකුත් හදනවා.අපි බලාපොරොත්තු වෙනවා එහා පැත්තේ තව මෝලකුත් හදන්න. ඒ වගේම තමයි ජනාධිපතිතුමාගේ රජරට නවෝදය වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම ගබඩාව ඔයා මඩුවේ හදනවා.මධ්‍යස්ථාන 245 ක අපි වී මිලදී ගත්තා. මෙට්‍රික් ටොන්. 120,000 ට වැඩිය ගත්තා.ලංකාවේ කිසිම තැනක ගිය මාස් කන්නයේ වී ටික මිලදී ගන්න බෑ කියලා ගොවියො පාරට බැස්සේ නෑ.අපි දිගින් දිගටම සාකච්ඡා තියලා අවශ්‍ය වී තොග ඔක්කොම ගන්න ලෑස්ති කෙරුවා.
     
    වී අලෙවි මණ්ඩලේ කියන්නේ ලාභ ලබන ආයතනයක් නොවේ.හැබැයි ගොවියට තමන්ගේ අස්වැන්න හොඳ මිලකට ලබා දෙන්න විකුණ ගන්න ඒ අතරමැදි කාර්යභාර්ය තමයි අපේ වගකීම.දැන් මේ වතාවේ යල් කන්නයේ අපි මෙට්‍රික් ටොන් 120,000 ක් ගන්න දැනටමත් කටයුතු සකස් කරලා තියෙනවා.නමුත් තවම 120,000 ක් ඇවිත් නෑ. අපි ලෑස්තී වී ටික ගන්න. මෛත්‍රීපාල සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් කැබිනට් මණ්ඩලෙන් අනුමත කරලා මුදල් වෙන් කෙරුවා මිලියන 4.5ක්. ඒ වුනාට ගොවියන් ඒ අයගේ අස්වැන්න කමතේදිම රු.36 ට, රු.37 ට විකුණනවා.ගොවියා ආරක්ෂා කරන්න අපි රජයක් හැටියට මැදිහත් වෙනවා.පොහොර සහනාධාරය වෙනුවට මුදල් දෙන්න.ඒ වගේම කෘෂි රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන්න යයි  තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.
     
    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 30 ක වියදමින් ඉදි කිරීමට නියමිත මෙම වී ගබඩාව ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්, වී අලෙවි මණ්ඩලයේ සභාපති, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම්, නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ඇතුළු ගොවි නියෝජිතයින් එක්ව සිටියහ.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya