මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියලි කාලගුණික තත්ත්වයට මුහුණදීමට සූදානම් -විදුලිබල ඇමැති

    සැප්තැම්බර් 20, 2016

    මේ දිනවල පවතින වැසි රහිත වියළි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත‍්‍රය නිසි කළමනාකාරීත්වයක් මත පවත්වාගෙන යාමට සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ අද (20) පෙරවරුවේ ඛනිජතෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් සමඟ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවති නිල සාකච්ඡාවට සහභාගී වෙමිනි.

    පවතින වියලි කාලගුණික තත්ත්වය මත විදුලි උත්පාදන ජල පෝෂකයන්ට ඇතිවන අහිතකර බලපෑම් මත, ජල විදුලි උත්පාදනය වෙනුවට විකල්ප බලශක්ති උත්පාදනයන්ට යොමුවිය යුතු බවත්, එසේ යොමුවීමේදී ඒ සඳහා තම අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය සහාය උපරිම වශයෙන් සපයන බවත් මෙම සාකච්ඡාවේදී ඛනිජතෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

    විදුලි පාරිභෝගිකයාට බරක් නොවන පරිද්දෙන් ගුණාත්මක මෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම තමා ඇතුළු තම අමාත්‍යාංශයේ වගකීම සහ යුතුකම බව පැවසු විෂයබාර අමාත්‍ය සියඹලාපිටිය මහතා, ඒ වෙනුවෙන් ගතයුතු සියලු ක‍්‍රියාමාර්ගයන් ඉතා කඩිනමින් ගන්නා බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya