මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්පොතුමුල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඇරඹේ

    සැප්තැම්බර් 20, 2016
    සෑම ගමක් මෙන්ම සියළු ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම ආරම්භ කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ,  දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
    ගමින් ගමට යමින් පොඩි මිනිසාගේ ගැටළු සොයා ඒවාට විසදුම් ලබා දීම ආරම්භ කල බවත් තංගල්ල ඇතුළු දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු තමා පෞද්ගලිකවම සොයා බලන බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 
     
    තංගල්ල , කහදමෝදර ,ගල්පොතුමුල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ පැවසීය.
     
    වසර 60 ක් පමණ පැරණි මෙම වැව කිසිදු රජයකින් මීට පෙර ප්‍රතිසංස්කරණ නොකිරීමෙන් ප්‍රදේශයේ ජනතාව ගැටළු රැසකට ලක්ව සිටියහ . පැවති රජයන්ගෙන් කොතෙකුත් ඉල්ලීම්  කළත් පලක් නොවූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කළහ . ඔවුන් පැවසුවේ තමන් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ගල්පොතුමුල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම ජනතාවට විශාල සහනයක් බවයි.
     
    මෙම වැව ප්‍රතිසංස්කරණය සදහා රුපියල් ලක්ෂ 20 ක් වැය කෙරේ . 
    එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේද පැවසීය.
     
    “ජනතාව අපි කෙරෙහි විශ්වාසය තබලයි බලයට පත් කළේ . ඒ ජනතා විශ්වාසය රැක ගනිමින් ගමේ සංවර්ධනය ආරම්භ කළා . ජනතා අවශ්‍යතාව අනුව එකී සංවර්ධනය සිදුවන්නේද යන්න නිරතුරුව සොයා බලනවා . ”
        
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya